• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2021 අයවැය යෝජනා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි

11 December 2020
in දේශීය

2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් බවයි.

ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය.

නිවාස හා දේපළ ණය සහන:

රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබාගැනීමට නියමිත නිවාස හා දේපල ණය සඳහා රජයේ සේවකයින්ගෙන් අය කරනු ලබන පොළී ප්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කෙරේ.
ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2 ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබානොදුන්න ද මෙමඟින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇත.

සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:

රජයේ සේවකයින්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක් වැනි අඩු පොලී අනුපාතයක් යටතේ 2020.01.01 දින සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද තම ව්‍යාපාරික ස්ථානයන්හි වහලය මත සූර්යබල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැක. එමඟින්, රජයේ සේවකයෙකු, රු. 750,000/- ක ණය මුදලක් අවුරුදු 10 කින් ගෙවි යන පරිදි ලබා ගෙන, 2021 අයවැය මඟින් යෝජනා කර ඇති පරිදි තම නිවසේ 5KW ක සුර්යබල උත්පාදන කට්ටලයක් සවිකළහොත් එම ණය මුදලේ මාසික වාරිකය පියවීමෙන් පසු පළමු අවුරුදු 7 තුළ මසකට රු. 3,000/- ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකිවේ. මෙම ණය යෝජනා ක්‍රමය තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා ක්‍රියාත්මක කෙරේ.

පිරිවෙන් වල ඉගෙනුම ලබන භික්ෂු හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබාදීම:

ග්‍රාමීය සිසු ප්‍රජාව අධ්‍යාපන කටයුතු වෙත යොමුවීම දිරිමත් කිරීමේ අරමුණින් දුෂ්කර, අති දුෂ්කර හා හුදෙකලා පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ කර්තව්‍යය තව දුරටත් පුළුල් කරමින් අති දුෂ්කර, දුෂ්කර හා හුදෙකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබා දීමට කටයුතු කෙරේ.

කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය:

2020 පෙබරවාරි මස අගභාගයේ සිට සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය – 19 (COVID – 19) නිසා ගෝලීය හා දේශීය ආර්ථික පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීම හේතුවෙන් ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටුණු අතර එම ව්‍යාපාර නැවත නගාසිටුවීම සඳහා රජය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. ඒ අනුව, අයවැය මඟින් යෝජනා කල පරිදි බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් එනම් රු. මිලියන 18,600 ක් පමණ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු වෙත ලබා දී ඇත. තෝරාගත් ප්‍රධාන පෙලේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා මෙම ණය ලබා දීමට සැලසුම් කර ඇත.

කොවිඩ් – 19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර:

රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් ලබාදෙන ප්‍රතිලාභ කිසිදු අතිරේක අයකිරීමකින් තොරව තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවකයකු කොවිඩ් – 19 වසංගතයට මුහුණ දී ජීවිතය අහිමිවුවහොත් එම මරණ සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදලින් රු. 700,000 ක උපරිම රක්ෂණ ආවරණයක් ලබාදීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක නතරවීමට සිදුවුවහොත් ඒ සඳහා ද දිනකට රු. 3000/- ක් බැගින් දින 10 ක් සඳහා උපරිම රක්ෂණ වන්දි හිමිවනු ඇත.

තරුණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම් :

දේශීය නිෂ්පාදන කෙරෙහි යොමු වූ ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකිරීම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව, තරුණ තරුණියන්ට ව්‍යාපාරයක නිරත වීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය මෙම අයවැය මඟින් හඳුන්වා දෙන ලදී. එමඟින් වෘත්තීය පුහුණුව අවසන් කර නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකයින්ට මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 4% ක සහන පොලී අනුපාතයක් යටතේ රු. 500,000 ක් දක්වා ණය ලබා දේ. බැංකු විසින් ව්‍යාපාර ආරම්භකිරීම සඳහා ණය ලබාදීමේදී ඉල්ලා සිටින ඇප සුරැකුම් තැබීමකින් තොරව ව්‍යවසායකයා විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපාර යෝජනාවේ (Business Proposal) ශක්‍යතාවය මත පදනම්ව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දෙන බැවින් ව්‍යවසායකත්ව හැකියාව ඇති තරුණ තරුණයන්ට මෙය මහඟු අවස්ථාවකි. මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක වේ.

දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරී ගොවීන් දිරිගැන්වීම:

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහල නැංවීම හා දියර කිරි පරිභෝජනය වැඩිකිරීම තුළින් කිරිපිටි ආනයනය සඳහා වසරකට වැය කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් දිරිගැන්වීම සඳහා “කිරි ශක්ති” ණය යෝජනා ක්‍රමය මෙවර අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එමඟින් උපරිම රු. ලක්ෂ 10 ක් දක්වා සහනදායී ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවයින් මිලදී ගැනීමට, අභිජනනය, ගවගාල් ඉදිකිරීම්, උපකරණ මිලදී ගැනීම් ආදී කටයුතු සඳහා ලබා ගතහැක. මෙම ණය යෝජනා ක්‍රමය ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :

මෑත කාලීනව, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් රැකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යාමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වල ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම වලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොළී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 

Post Views: 3
Previous Post

සෞඛ්‍යට බලපාන කරුණු ආගම් අනුව තීන්දු කර ගත නොහැකි බව අගමැති කියයි

Next Post

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

editor

editor

Next Post

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved