27 April 2024
#දේශීය

විදෙස් ශ්‍රමිකයන්ට ම වෙන් වූ පාස්පෝට් කවුළුවේ මෙහෙයුම් ඇරඹේ

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා ම වෙන් කළ විශේෂ කවුන්ටරය බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

ඉකුත් බදාදා දෙපාර්තමේන්තු සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් සමග අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැත්වූ සාකච්ඡාවක දී විදේශ ගතවන ශ්‍රමිකයින් සදහා වන විශේෂ කවුළුවක් විවෘත කිරීමේ තීරණය ගෙන තිබුණි.

සැප්තැම්බර් පළමු වැනිදා සිට විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේ දී විශේෂ පිවිසුම් දොරටුවක් විවෘත කරන බවට ද අමාත්‍යවරයා පවසා තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *