27 April 2024
#දේශීය

විපක්ෂය බොර දීයේ මාළු බානවා – මන්ත්‍රී ජගත්

රටක් විදිහට අර්බුද රාශියකට මුහුණ දිලා ඒ අර්බුදවලට සාධනීය විසඳුම් ලඟා කරගෙන රට යම් මට්ටමකට ගොඩගනිමින් තිබෙන වේලාවක විපක්ෂය කොයිවෙලාවෙත් බොරදියේ මාළු බෑම අත අරින්නේ නොමැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය ” ඒ අය සැමවිටම උත්සහ කරන්නේ අරගලය පිහිටෙන් හරි ජනතාවගේ වෙදනාවෙන් හරි කඩිමුඩියේ ඡන්දයක් ලබා ගැනීම සඳහා තමයි විපක්ෂයේ සියලු දෙනා උත්සහ කරන්නේ. ඒ අය විශ්වාස කරනවා ඒ අයට ජයග්‍රහණය ලබා ගන්නට නම් මෙවැනි අර්බුද තුළින් වාසිය තිබෙන්නේ කියලා. හැබැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ට ජිවත් වීම සඳහා හොඳ වටපිටාවක් සාදා ගන්න, එදිනෙදා තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න වටපිටාවක් හදාගන්නයි. ඒ නිසා විපක්ෂයට තිබෙන හදිස්සියට ඡන්ද තියන්න පුළුවන් වාතාවරණයක් නෑ. රටේ ජනතාවට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ටික යම් සාධනිය මිලකට ලබා දිලා ජනතාවගේ ආහාර ටික ලබා දිලා මේ ආහාර අවපාතයෙන් ගලවන්න අවශ්‍ය සංවර්ධන මට්ටමකට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙළ ‍හදන්න ඕන. මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා කෘෂිකර්මාන්ත ශක්තිමත් කිරීම තුළින් මේ ආහාර අර්බුදයෙන් හා ආර්ථික අර්බුදය යම් කළමණාකරණය කරන්න පුළුවන් වෙනවා. පහුගිය දිනවල ගොවියෝ විශාල කැපකිරීමක් කරලා ඒ අයගේ අස්වැන්න නෙළා ගන්න කටයුුතු කළා. ඒ වගේම ඒ අස්වැන්න සාධනිය මිළකට මිලදි ගැනීමට ආණ්ඩුව විදිහට අපට වගකීමක් තිබෙනවා. ඒ සඳහා රජය සහ කෘෂිකර්ම ඇමතිතුමා උත්සහයක් දරනවා. ඒ වගේම රටේ ආර්ථික තත්වය සම්බන්ධව ජනතාවට තිබෙන්නේ යම්කිසි සැකයක්. හැම තිස්සේම විපක්ෂය කියන්නේ මෙය විනාශ වෙලා යනවා කියලා. හැබැයි අපිට පුළුවන් වෙලා තිබෙනවා පහුගිය කාලයේ තිබුණු පොළිම් යුගය යම් ප්‍රමාණයකට අඩු කරන්න හැකි වුණා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික යම් ප්‍රමාණයකට අඩු කරලා තිබෙනවා. ඒ වගේම මේ දෙන දේවල් සමග අනෙක් පැත්තෙන් රට ඉදිරියට යන බව රටේ ජනතාවට කියන්න ඕන. අපි ජනතාවට මතක් කරනවා පවතින තත්වය අවබෝධ කරගන්න ගමන් එයට පිළියම් යොදන්න රජය පැත්තෙන් ගන්නාවු කාර්යන්වලට ඔබේ සහය ලබා දෙන්න.”යනුවෙන් මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදි සඳහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *