20 May 2024
#දේශීය #පුවත්

ජනපති කියන ආර්ථිකය තුළින් ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂනායක කියයි

ජනාධිපතිවරයාගේ කතාව තුළ ගිණිගත් රටක් බාර ගත් බව, සමහරු අභියෝග බාර නොගන ඉන්න විට ඔහු අභියෝග බාර ගත් බවට පැවසු බවත් ඔහු කෙසේ සඳහන් කළත් අද වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි.

රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ නව සාමාන්‍ය තුළ ආර්ථිකය වර්ධනය වනවා වෙනුවට ආර්ථිකය සංකෝචනය වී කුඩා වී ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව තුළ අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය වී දුප්පත්කම වැඩි වී විරැකියාව වැඩි වී තෙල් මිල, ගෑස්, විදුලි බිල් ආදිය වැඩි වී ඇති බවට ඊට අමතරව ව්‍යාපාර කඩා වැටී ළදරු හා මව්වරුන්ගේ මන්දපෝෂණය වැඩි වී බහුවිධ අවදානම් තත්ත්වයක් ඇති බවට ජාත්‍යන්තර සංවිධාන පවා වාර්තා නිර්මාණය ඉදිරිපත් කර ඇති බව හෙතෙම කියා සිටියේය.

යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධානය ආදී සංවිධානවල වාර්තා තුළින් පැහැදිලිවම මෙරට ජනතාව මුහුණ දෙන දරාගත නොහැකි අසීමිත අසහනයක් විඳදරා ගත නොහැකි පීඩනයක් පෙන්වා දෙන බවත් ජනාධිපතිවරයා නිර්මාණය වූ යැයි කියන සාමාන්‍යකරණය නිර්මානය වී ඇත්තේ ජනතාවගේ කරපිට හිසමත අති දැවැන්ත පීඩනයක් නිර්මාණය කරමින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා පෙන්වා දුන් අස්වැසුම වැඩසටහන සාධනීය තිරසර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවන බවත් එහි නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරිම, ආයෝජනය, අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ගැන සඳහන් නොවන බවත් යම් කිසි කාලයකට මුදල් ලබා දීමක් පමණක් සිදුවන බවත් අවම වශයෙන් දරිද්‍රතා රේඛාව හඳුනා ගෙන හෝ නොමැති බවත් මේ සම්බන්ධ විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුවිය යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාව අතරමැද ආණ්ඩු පක්ෂයේ විරෝධයක් එල්ල වූ අතර ඒ අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාගේ කතාවට සවන් නොදී සභාවෙන් බැහැර විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *