• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වේ

1 September 2021
in දේශීය

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, හෙට(02) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.

ඒ, සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව පිළිබඳ, විශේෂ කාරක සභාවේදී හෙට(02) සාකච්ඡා වීමට නියමිතව තිබේ.

එම කමිටුව නියෝජනය කළ සාමාජිකයන්ටද (ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක-සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානායක) කාරක සභාව වෙත පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයි, විශේෂ කාරක සභාවේ ලේකම් ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

මෙම විශේෂ කාරක සභාව මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, කාන්තා සංවිධාන ආදී බොහෝ පාර්ශවයන්ගෙන් මැතිවරණ ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න අදහස් ලබාගෙන තිබේ. මෙම විශේෂ කාරක සභාවට ලැබෙන යෝජනා අධ්‍යයනය කිරීම සඳහා කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවලින් යෝජනා වූ විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්ද පත්කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරුද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද මෙම, විශේෂ කාරක සභාව නියෝජනය කරති.

Post Views: 14
Previous Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

පාස්කු දින බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ ඇමැති හමුවෙයි

editor

editor

Next Post

පාස්කු දින බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ ඇමැති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved