• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි – මහලේකම් සාගර

4 July 2023
in දේශීය

රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “ පසුගිය සති අන්තයේ සිදුවුණු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ අදහස් මත පල කරමින් යනවා. විශේෂයෙන් මේ රටේ සේවක අර්ථ සාධක අරමුදලට දායකවන රටේ සාමාන්‍ය වැඩකරන දුප්පත් ජනතාවට මෙයින් යමකිසි හානියක්, බලපෑමක් වෙනවා කියන කාරණය දිගින් දිගටම ඉස්මතු කරන්න විවිධ කල්ලි, කණ්ඩායම් උත්සහ දරනවා. අපි පක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේදී තීරණය කළා. අපි එසේ ඡන්දය දෙන්න කලින් මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් මහ බැංකුවේ අධිපතිතුමන්ගෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා ගත්තා. ඒ ඔවුන් දුන්න තොරතුරු සෑහීමට පත්වීමකින් පස්සේ තමයි අපි පක්ෂයක් හැටියට මේ සම්බන්ධයෙන් පක්ෂව ඡන්දය දීමට තීරණය කළේ. මේ සම්බන්ධයෙන් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනය කිරීම හැර වෙනත් විකල්පයකුත් මේ අවස්ථාවේදී තිබුනේ නෑ. මෙය කරපු ආකාරය වැරදියි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ කොයි ආකාරයකින්ද කරන්න ඕන කියන විකල්ප ක්‍රියාමාර්ගයක් පෙන්වලා දෙන්නේ නැතුව අදහසක් ප්‍රකාශ කිරිමත් සාධාරණ නැහැ. මේ ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යවේදීන් මගෙන් ඇහුවා මෙය ඔබතුමන්ලාගේ ජයග්‍රහණයක් හැටියට දකිනවා ද කියලා. මා එවිට ප්‍රකාශ කළේ මෙය අපේ ජයග්‍රහණයක් හැටියට දකින්නේ නැහැ. නමුත් මේ රට වෙනුවෙන් කළයුතු දෙයක් හැටියට අපි දකිනවා කියලා. ඇත්ත වශයෙන්ම මෙය කලයුතු දෙයක්. අපේ රට බංකොලොත් තත්වයට පත්වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන කණ්ඩායම් තමයි මූලික වශයෙන් මේ රට බංකොලොත් කිරීමට දායක වුණේ. කොවිඩ් ව්‍යසනය නිසා අපේ රට වහන්න වුණා. අපි වරින් වර රට විවෘත කරන්න දරපු උත්සහයේදී මේ රට වහන්න කියලා, මේ රටේ සංචාර ව්‍යාපාරය පටන්ගන්න ඉඩ නොදි උද්ඝෝෂණ කළේ විපක්ෂයේ කණ්ඩායම්. ඒ කාරණය නිසා වසර දෙකක කාලයක් සංචාරක ව්‍යාපාරය තුළින් අපිට ලැබෙන්නට තිබුණු සියලු විදේශ විනිමය ප්‍රමාණයන් නැතිවුණා. ඒ විතරක් නොවේ රට ඇරලා බොහෝම අමාරුවෙන් සංචාරක ව්‍යාපාරය උඩට ඉස්සීගෙන එනකොට කිසිදු හේතුවක් නොමැතිව විදේශ රටවලට වැරදි පිංතුරයක් ලබාදිලා හිතාමතාම කුමන්ත්‍රණකාරි විදිහට ඒ සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න උත්සහ කළා. ඒ වගේම මේ රටේම එක්තරා කුහක දේශපාලන පක්ෂයක් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියා විදෙස්ගත ශ්‍රමිකයින්ට ලංකාවට විදේශ විනිමය සම්ප්‍රේෂණ එවන්න එපා කියලා. එහෙම කියලා විදේශ විනිම සම්ප්‍රේෂණ එවන එකත් නැති කරලා කඩා වට්ටලා දැම්මා. ඒ නිසා මේ රට බංකොලොත් වුණේ මේ රටේ තිබුණු දේශීය සම්පත් නැති වීමකින් නොවේ. නමුත් අපිට විදේශ විනිමය වියදම් කරලා ගේන්න අවශ්‍ය ඉන්ධන, ගෑස්, පාන්පිටි මේ වගේ දේවල් හිඟවීමක් මත තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. මේ විදේශ විනිමය මේ රටට නැති කරලා මේ ප්‍රශ්නය ඇති කරලා මේ රට බංකොලොත් කරන්න දායක වෙච්ච විපක්ෂයම අද විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීමකින් තොරව මේ දේ වැරදි කියලා ඒ වැරැද්ද අපේ පිට පටවනවා. එසේ නම් මම හිතන්නේ මේ රටේ ජනතාව නැවතවතාවක් මේ සම්බන්ධයෙන් කල්පනා කළයුතුයි. පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ඉතාමත් ශක්තිමත් ගමනක් යමින් සිටිනවා. පහුගිය කාලයේ අපිට විවිධ ආකාරයේ චෝදනා එල්ල කළා. අපේ ජනබලය නැතිවෙලා කිව්වා. මේ වන කොට මුළු රටටම පෙන්වමින් ඉන්නවා නැවතත් ශක්තිමත්ම, අංක එකේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිසක් වෙන කිසිවක් නොවේ කියන එක. ඒ වගේම අපි ඉතාම ආඩම්බර වෙනවා යම්කිසි ප්‍රතිපත්තියක් මත අපිත් සමඟ එකතුවෙච්ච ග්‍රාමිය ජනතාව ,මේ රටට ආදරය කරන ජනතාව අදටත් ආදරයෙන් අපේ පක්ෂය සමඟ ශක්තිමත්ව බැදි සිටීම ගැන. අපි පසුගිය සතිඅන්තයේ පිළියන්දල නගර මධ්‍යයේදි එය සාක්ෂාත් කරලා පෙන්නුවා. මේ රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ මිසක් වෙනත් පක්ෂයක් සමඟ නොවේ. ”යනුවෙන් මන්ත්‍රී පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

ලිට්රෝ ගෑස් මිල අද රාත්‍රීයේ සිට පහතට

Next Post

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් – අගමැති

editor

editor

Next Post

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved