• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි මැතිවරණයකදී රට වට්ටපු අයව ජනතාව ගෙදර යවයි – මන්ත්‍රී දුමින්ද

9 July 2023
in දේශීය

සියලුම පක්ෂ දේශපාලනයේ නරක පැත්තට නොයා, රට වැටුණ වෙලාවේ හැමෝම එකා වගේ අත්වැල් බැඳගත යුතු අතර ඉදිරි මැතිවරණයක් තිබ්බම රට වට්ටපු අයව ජනතාව ගෙදර යවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පොතාන ආසන තරුණ බළ මණ්ඩලය කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන සංවිධායක වීරකුමාර දිසානායක මහතා විසින් මෙම බළ මණ්ඩලය සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ස මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ බළ මණ්ඩලයේ සභාපති තිළිණ නිරෝෂාන් යන මහත්වරුන් ඇතුලු ආරාධිතයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් මෙන්ම අපේක්ෂකයින්ද සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පොතාන ආසන තරුණ බළ මණ්ඩලය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ” මමත් පොඩි කාලේ ජේ.වී.පී රැස්වීම් අහන්න යනවා.මන්ත්‍රී කාලෙත් මම ගිහින් අහන් ඉඳලා තියෙනවා.සමහරු හිතන් ඉන්නවා තරුණයෝ වෙනුවෙන් තියෙන පක්ෂයක් කියලා ඒ පක්ෂය.පක්ෂ කොච්චර තිබ්බත් වැඩක් නෑ, කථාව කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ, ප්‍රායෝගික නැත්නම්. අපි දන්නවා ඒ පක්ෂයේ වැඩියෙන්ම තියෙන්නේ ජනප්‍රිය කථාව.ජනප්‍රිය කථාව තිබ්බට ක්‍රියාත්මක කරන්න ගියහම ඒක ක්‍රියාත්මක කරන්න බෑ ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්කත් ආණ්ඩු කළා, ඒ කාළයේ වැව් දහසක්ද- දස දහසක් කියලා නොයෙකුත් දේවල් පටන් අරගෙන කියපු දේවල් කරන්න බැරි නිසා දාලා ගියා.ඒ ගොල්ලනට හැමදාම විපක්ෂය උරුමයි.විපක්ෂයට හැමදාමත් විවේචනය කර කර, ද්වේෂය වපුර වපුර ඉන්න පුලුවන්කම තියෙනවා.

හැමෝම එකට එකතු වෙමු, එකට එකතු වෙලා, රට නැගිට්ටවලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගහගමු.ඊට පස්සේ අපි බැණ ගමු, ඊට පස්සේ අපි විවේචනය කරමු.දැන් කවුද මේක වැට්ටුවේ, කවුද මේක නැති කරේ කියන එක නෙමෙයි අපි හොයන්න ඔ්න. ඒක හොයන්න දවසක් එයි.ඉදිරි මැතිවරණයක් තිබ්බම රට වට්ටපු අයව ජනතාව ගෙදර යවයි.රටට වරදක් කළා නම් ඒ අයට දඩුවමක් දෙයි ජනතාව ඡන්දයෙන්.හැබැයි දැන් අපි කරන්න ඔ්න වැටුණ රට නැගිට්ටවන එකයි.ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කියන්නේ අපි එකතු වෙන්න ඔ්න කියලා.අපි එකතු වෙලා මේ රට හදන්න ඔ්නකම තියෙනවා, වැටුණු රට නැගිට්ටවන්න ඔ්නකම තියෙනවා.අරගලයේ කිව්ව සිස්ටම් චේන්ජ් එක ඊළඟ යුගයකට දෙන්නේ නැතිව මේ වෙලාවේම ඒ සිස්ටම් චේන්ජ් එක අපි කරන්න ඔ්නකම තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 46
Previous Post

කාන්තාවන් නිරුවත් කල පහර දුන් පිරිස වහාම අත්අඩංගුවට ගන්න- ඇමැති ටිරාන්

Next Post

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගන්න සහාය වන්න – ජනාධිපති ලේකම්

editor

editor

Next Post

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගන්න සහාය වන්න - ජනාධිපති ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved