• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුව අපේක්ෂකයා රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුයි.. බැසිල් ආවොත් උදව් කරනවා – ඇමැති ප්‍රසන්න

3 March 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් එතුමාට සහය පළකරන බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කලේය “ ජනාධිපතිධූරයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සකු පෙනෙනතෙක් මානයක නොමැති බවයි.”ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මම එතුමාට සහය පළකරනවා. නමුත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. මම ඒක හොඳාකාරවම දන්නවා. නාමල් මල්ලිට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙලාව නෙවෙයි. එයාට තව කල් තියෙනවා. මම ඒක නාමල්ගේ මූණටත් කිව්වා. මොකද එයා ඉදිරිපත් වෙන්න ඕනේ සුදුසුම වෙලාවේදි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා දුර්වල අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් දැම්මොත් මම මේ පක්ෂෙ සාමාජිකත්වයේ ඉන්නවද නැද්ද කියලා එදාට තීරණය කරනවා. හැබැයි මම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. මට ඕනම දේශපාලන පක්ෂයකින් ඉල්ලලා දිනන්න පුළුවන්. ඒත් මම ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි.88/89 ලෙයින් තෙත්වුණ මිනීමරු ඉතිහාසය වෙනස් උනා කියලා පෙන්නන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේඟය කියලා නම වෙනස් කර ගත්තේ. නම වෙනස් වුණාට එයාලා වෙනස් වෙලා නෑ. සැබෑ අරගලකරුවන් අරගල කළේ පොදුජන ප්‍රශ්න විසඳන්න. ඔවුන් ගෙවල් ගිනි තිව්වෙ නෑ. මිනිස්සු මැරුවේ නෑ. නමුත් අරගලයේදී ජ.වි.පෙ හැසිරුණු විදිය බලන්න.ඒ හැසිරීම සැබෑ අරගල කරුවන්ට නින්දාවක්. මගේ ගේ ගිනි තියෙන එක මෙහෙයවපු මිනුවන්ගොඩ අරගලයට නායකත්වය දීපු අය ඊට පස්සේ මිනුවන්ගොඩ තිබුණු ජවිපෙ රැස්වීමේ මුලින්ම කතා කළා. ඉතින් කොහොමද කියන්නේ මේකට ජවිපෙ සම්බන්ධ නෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ෆේස්බුක් රැල්ලක්. මේ රටේ ව්‍යාපාරිකයන්, බුද්ධිමත් ජනතාව ජ.වි.පෙට ඡන්දය දෙන්නේ නෑ. බැරිවෙලා හරි ඔවුන්ට බලය ලැබුනොත් ඒ බලය රැක ගන්න මර්දනය උපරිමයෙන් පාවිච්චි කරනවා. බලය ගන්නයි බලය රැකගන්නයි ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ජඩ වැඩකට සූදානම්. ඒ බව ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කිව්ව යැයිද අමාත්‍ය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,432
Previous Post

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Next Post

බෝරා ප්‍රජාවේ නායක,  ජනපති රනිල්ව හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
බෝරා ප්‍රජාවේ නායක,  ජනපති රනිල්ව හමුවෙයි

බෝරා ප්‍රජාවේ නායක,  ජනපති රනිල්ව හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved