• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ

9 June 2018
in දේශීය

දේශපාලනයට ආගම සම්බන්ධ කර ගැනීම සමාජයම ගැටලු රැසකට හේතු වී ඇති බව ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ මහ ‍ලේකම් මුඟුණුවෙල අනුරුද්ධ හිමියෝ පවසති.

ප්‍රාදේශීය වශයෙන් සිදුවන ගැටුම් අවම කිරීම පිණිස දිස්ත්‍රික් මට්ටමින් පිහිට වූ මාත‍ලේ දිස්ත්‍රික් කමිටුවේ ප්‍රථම රැස්වීමේදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

‘බුදු දහමට අනුව අපි සියලුම ආගම්වලට ගරු කළ යුතුයි. නමුත් පෞද්ගලික මතිමතාන්තර නිසා ජාතියක් වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට ඇතමුන්ට සිදුව තිබෙනවා. වර්තමානයේදී දේශපාලනයට සියලු ආගම් අනුගතකර ගැනීමට ගන්නා උත්සාහය ශාස්තෘවරුන්ගේ දේශනාවේ පවිත්‍රතාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලා. බෞද්ධ පමණක් නොව අනෙකුත් ආගම්වලටද මේ තත්ත්වය ‍පොදුයි. ඇතැම් ආගම් පසුබෑමකට ලක්වීමට හේතුව මෙයයි. අපි ඒ ඒ ආගම්වල ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් අනුව ජීවත්විය යුතුයි. අපිට අයිති වැඩ පමණක් අපි කළ යුතුයි. එසේ නොකළ නිසා තමයි මේ විවිධ ගැටලුවලට අපට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.

බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව අපේ අරමුණ අනුව, නිවන් යෑම පමණක්ම නොවේ ජනජීවිත සුරක්ෂිත කරමින් සෑම දෙනාම තුළම යම් අවිශ්වාසයක් නොමැතිව ජීවත්වීමයි වැදගත්. වර්තමානයේදී මුදල් සහ වෙනත් අන්දමේ උපකාර කරන මුවාවෙන් ආගම්වලට මිනිස්සු හරවා ගන්නවා. දේශපාලනයේදීත් එහෙමයි. දේශපාලනඥයාත් අද මුදලට විකිණෙනවා. දුප්පත් මිනිස්සුන්ට අද කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේවාට රාජ්‍ය අශයේ මැදිහත්වීමක් තිබිය යුතුයි.

උතුරු පළාතේ වෙහෙර විහාරස්ථාන රාශියක් විනාශ කරලා. මේ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප ක්‍රියා කළ යුතුයි. අද නීතිය ක්‍රියාත්මක වීමේදී ඇති නැති අයට දේශපාලනඥයන්ට වෙනස් විදිහක්. නැතිබැරි එකාට වෙන විදිහක්. එහෙම සිදු නොවිය යුතුයි. සැමටම එක හා සමානව සිදුවිය යුතුයි. දේශපාලනය හා ආගම දෙකක්. දේශපාලනය නිසා සෑම ආගමකටම සිදුව ඇති හානිය වැඩියි.

මෙම කමිටුවට මාත‍ලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී පුඩලුගස්යායේ ධම්මසිද්ධි හිමි, අන්‍යාගාමික පුජකවරුන් මධ්‍යම පළාත් සහා මන්ත්‍රී ඒ.එච්.එම්.ඉබ්‍රාහීම්. මාත‍ලේ අතිරේක දිසාපති ප්‍රසන්න මදනායක, අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජේතිලක, මාත‍ලේ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි අයි.බි.ටී. සුගතපාල, මාත‍ලේ කොට්ඨාස භාර යුද හමුදා අණදෙන නිලධාරී ගාමිණි වික්‍රමගේ, මාත‍ලේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි. ගොඩමුන්නේ. මාත‍ලේ රතු කුරුස සංගමයේ සභාපති සනත් දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උපුටා ගැනීම – ලක්බිම

Post Views: 15
Previous Post

ශ්‍රී ලනිපය හැදූ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතීත කතාව

Next Post

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරේ

editor

editor

Next Post

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved