• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

29 May 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ඓතිහාසික මහියංගනය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සහභාගී වූ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (28) පස්වරුවේ මහියංගනය පුද බිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදිත්වය පිරිනමමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

පුණ්‍ය මහෝත්සවයේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ සඳහන් කළේ ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රතිසංස්කරණය කළ එකම විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසීය

මහියංගනය චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජවරු දෙදෙනෙක් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ඒ දුටුගැමුණු රජතුමා සහ පළමුවන විජයබාහු රජතුමා යි.

ඉන්පසුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ඩී එස් සේනානායක අගමැතිවරයාගේ කාලයේයි. නමුත් මේ රටේ විධායක ජනාධිපතිවරු අට දෙනෙක් බිහි වෙලා තිබුණත් මහියංගනය පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි එකම එක විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතායි. මහියංගණ පුදබිම පූජා භූමියක් කිරීම සඳහා ගැසට් කළේ ඔබතුමායි. මේ වෙනකන් මහියංගනය පුදබිමට තිබුණේ පූජා නගර ගැසට් පත්‍රයක් පමණයි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනානයක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, ශ්‍රි ලංකාවේ වියට්නාම තානාපතිනිය, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, ඓතිහාසික දළදා මාළිගාවේ දිවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයන් සහ ආරාධිත පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

 

 

Post Views: 7
Previous Post

රනිල් අපිව හිරකරනවා අනුර කියයි

Next Post

අරුවක්කාලු කසල පැටවීම සහරඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ – අමාත්‍ය ප්‍රසන්න

editor

editor

Next Post

අරුවක්කාලු කසල පැටවීම සහරඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ - අමාත්‍ය ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved