• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

14 April 2024
in දේශීය, පුවත්
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්රදායික ක්‍රිඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අද පෙරවරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවුරුදු තරග කිහිපයක් නැරුඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්‍රහයකයන්ට ත්‍යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්‍රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.

මීට සමගාමීව දිවයින පුරා බොහෝ ප්‍රදේශිය ලේකම් කාර්යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්‍රමාණයක් සංවිධානය කර තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.

මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ප්‍රදේශිය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 7,909
Previous Post

සුබ අලුත් අවුරුද්දක් වේවා !

Next Post

WB, IMF වසර මැද සමුළුවේ දී ඵලදායි සාකච්ඡාවකට සූදානම් බව ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

editor ttvnews

editor ttvnews

Next Post
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

WB, IMF වසර මැද සමුළුවේ දී ඵලදායි සාකච්ඡාවකට සූදානම් බව ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved