• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංහිඳියාව ඇති කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදීම ජනපතිගේ අරමුණයි – ජනාධිපති ලේකම් සමන්

12 July 2023
in දේශීය

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව පැවසුවේ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වමෙනි.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අරමුණු පැහැදිලි කළ අතර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරණි.

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදි අවධාරණය කර සිටියේය.

 

Post Views: 9
Previous Post

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

Next Post

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීමට ‘INSEE සත්කාර’ වැඩසටහන පෙරමුණ ගනී

editor

editor

Next Post

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීමට 'INSEE සත්කාර' වැඩසටහන පෙරමුණ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved