• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මීලග පියවර බව ජනපති කියයි

4 June 2023
in දේශීය

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය වූ ඊයේ (03) දින සමුළුව අමතමිනි.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ ඊයේ දින සමුළුව පැවැත්වුණු අතර එය අදින් (04) අවසන් වේ.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි. එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපැම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියේය.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසීය. පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවු බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නීති ක්ෂේත්‍රය, ප්‍රතිපත්ති සම්පාදකයන්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක් ආරම්භ කිරීමට මෙම සමුළුව මගින් අපේක්ෂා කරන බවයි. ජාතියක් ලෙස දියුණු වීමට නම්, නීති අංශය ව්‍යවසායකත්වයේ වැදගත්කමත්, ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කමත් හඳුනාගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

නිදහසින් ගෙවි ගිය වසර 75 න් පසු දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් පළමු වරට අද රට හමුවේ තිබෙන බව පැවසූ ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කුරිරු යුද්ධය සහ වැරදි ආර්ථික කළමනාකරණය රටේ ප්‍රගතියට බාධාවක් වූ බවත් පැවසීය. එබැවින් දැන් සියලුදෙනාගේ වගකීම වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම බව ද ඒ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශීය මෙන්ම දේශීය ආයෝජන ද ආකර්ශනය කර ආරක්ෂා කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ආයෝජන සඳහා ඉතා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දැන් කතා බහට ලක්ව තිබෙන බව සිංගප්පූරුවේ කේ.එල්. ගේට්ස් ස්ට්‍රේට්ස් නීති සමාගමේ සභාපති එම්. රාජාරාම් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට තුළ ආයෝජන සඳහා ආයෝජකයන්ට තවදුරටත් පහසුකම් පුළුල්වීම සහතික විය යුතු බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගඊස්වරන්, ෆයිස් මුස්තාෆා සහ චන්දක ජයසුන්දර යන මහත්වරු ප්‍රධාන සැසිය සඳහා සහභාගී වූහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් මෙන්ම ප්‍රමුඛ ව්‍යාපාරික සමාගම් රැසක ඉහළ කළමනාකාරිත්වය මීට එක්ව සිටියහ.

 

 

Post Views: 14
Previous Post

මාතලේ පතිනිගොල්ලට නව බස් රථයක් ලබා දෙයි

Next Post

ඡන්දය කල් දැමීම ප්‍රෝඩාවක් – ජවිපේ විජිත

editor

editor

Next Post

ඡන්දය කල් දැමීම ප්‍රෝඩාවක් - ජවිපේ විජිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved