• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද කතා ගොතන බව ජනපති කියයි

3 April 2021
in දේශීය

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ආරම්භයේදී රැස්ව සිටි පිරිස අමතමිනි.

තමා හැමවිටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි වැදගත්. තමා මෙතැනට ගෙන ආ මතවාදය හා බලවේගයයි වැදගත් බවත් අප ආරක්ෂා කළ යුත්තේ එය බව හෙතෙම පැවසිය.

සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ මේ මතවාදය පරාජය කිරීම තමා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.

තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි. සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය. ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම අදාළ ආයතනවල වගකීම බව එතුමා පෙන්වා දුන්නේය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ ඉටුකළ කාර්යභාරය පැහැදිළි කළ ජනාධිපතිවරයා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරිණ. රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්ථා අහුරා තිබේ. වැටලීම් මගින් මත්ද්‍රව්‍ය සේම පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටිති. සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාරය පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී තිබේ. එබැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපතිවරයා හෙළි කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳව ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන්දුන් ජනාධිපතිවරයා දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටළුවට වසරකදී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 92%ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිති. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කෙරේ. ප්‍රදේශයේ සියලුම නළ ලිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ක්ෂණික විසඳුම් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය, ගොඩනැගිලි සහ මේස පුටු හිඟය ඉක්මණින් විසඳුම් අවශ්‍ය ප්‍රධාන ගැටළුවක් ලෙස ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛණ සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන් යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු ගැන වැරදි මතයක් ප්‍රචාරණය වෙන්න බව අධිකරණ අමාත්‍යංශය පවසයි

Next Post

කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි – පරිසර ඇමැති

editor

editor

Next Post

කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි - පරිසර ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved