27 April 2024
#දේශීය

ජනපති කියුබාවට … අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ආදළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ නිල සංචාරක නිරත වන අතර ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ සංචාරයකට ද එක් වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *