• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බංකොලොත් රට ගොඩනගන්න ආ ජනපති මාස 17 රට සවාරි 18ක් ගිහින් – විපක්ෂ නායක සජිත්

22 January 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ නාරම්මල නගරයේ පැවැති ‘ජනපවුර – දඹදෙණිය’ වැඩසටහනට එක්වෙමිනි.

මෙම ආර්ථික ත්‍රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බදගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ කිසිදු හැගීමක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන විරෝධය පළ කළ යුතු බව හෙතෙම පැවසීය.

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බව ඔහු කියා සිටියේය.

වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගජමිතුරුවාදය අනුගමනය කරමින් සිටින බවත් ජනතාව පෙලා ලබා ගන්නා බදු මුදල් දූෂණයෙන් වංචාවෙන් සොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදි පැවසීය.

රට සිංගප්පූරුවක් කරන බවත් වැල් පාලම් දිගේ ගොස් රට ගොඩනගන බව පැවසුවත් පෝලිම්වල මැරුණු, බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වූ අයට, පවුල් පිටින් සියදිවි නසා ගත් අයට පවා තවමත් යුක්තිය සාධාරණත්වය නොලැබී ඇති බවත් මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට ගොඩ ගැනීමට සමගි ජන බලවෙගය කටයුතු කරන බවත් එසෙ ක⁣ටයුතු කර රට බංකොලොත් වීම නිසා අගතියට පත් සෑම පාර්ශ්වයකටම යුක්තිය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව අමනෝඥ ප්‍රතිපත්ති තුළින් රට විනාශ කරන බවත් ගජමිතුරු ධනවාදය අනුගමනය කරන මේ ආණ්ඩුව ජනබලයෙන් පලව හරින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Post Views: 1,004
Previous Post

බෙලිඅත්තේ දී සිදු වු වෙඩි තැබිමකින් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු මිය යයි

Next Post

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

editor ttvnews

editor ttvnews

Next Post
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved