• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි

20 May 2023
in දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදුටුවේය.

රදගුරු වෙලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.

නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදි රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් එම අවස්ථාවේදීම රදගුරු හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධීකරණය කරමින් ඇතැම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළේය.

එසේම නුවරඑළිය ඇතුළු වතුකරයේ මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් කළ රදගුරු හිමිපාණන් එම මාර්ග පද්ධතිය සංවර්ධන කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

රදගුරු වසමේ පියතුමන්ලා සහ අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සනත් නිශාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ. ගමගේ, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා – ජනපති

Next Post

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක් -ජනපති

editor

editor

Next Post

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක් -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved