• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජ කුමාරයෝ ජනතාවගේ තොරතුර දැන ගැනීමේ අයිතියටත් බාධා කරන්න හදනවා – විපක්ෂ නායක සජිත්

28 November 2023
in Uncategorised

රට විනාශ කළ රජ කුමාරයෝ ජනතාවගේ තොරතුර දැන ගැනීමේ අයිතියටත් බාධා කරන්න හදනවා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සක්වල 50 වැනි වැඩසටහන යටතේ අවිස්සාවේල් කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලෝකෙට විවෘත වෙනවා වෙනුවට සැගවී බොරුවට අපි තමයි අංක 1 යැයි පුරසාරම් කියන බවත් අලුත් ගමනක් යාමට නම් අවබෝධයෙන් තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බවත් එහි දී තොරතුරු සැගවීම නොකල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ පාලන බලයේ සිටි නායකයෝ 3 දෙනකු ඇතුලු නිලධාරීන් ගණනාවක් රට බංකොලොත් කළ බවට ගරු අධිකරණය ඉදිරියේ සනාථ වී ඇති බවත් මේ තොරතුරු පාසල් දරුවන්ට කියන්න එපා යනුවෙන් පැවසුවත් පාසල් දූදරුවන්ට ද තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇති බව හෙතෙම පැවසීය.

රටේ බංකොලොත්භාවයත් බංකොලොත් කිරීමට තුඩු දුන් පුද්ගලයනුත් එම බංකොලොත් භාවයෙන් ගොඩ යා හැකි ආකාරයත් දැන ගැනීමේ අයිතිය දූදරුවන්ට ඇති බවත් මේ වන විට රට තුළ තොරතුරු සගවමින් සිටින බවත් රට විනාශ කළ නායකයකුගේ පුතෙක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය නතර කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවගෙන් සහ පාසල් දරුවන්ගෙන් සත්‍ය සැගවීමට බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රට විනාශ කළ හොර කල්ලියේ තොරතුරු පෙර පාසල් දරුවන්ගෙන් සිට ලක්ෂ 220ම දැන ගත යුතු බවත් බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් හැමෝම එකට එකතු වී වැරදුනු තැන් හදුනා ගත යුතු බවත් මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකු හෝ නායකයකුගේ වහල් භාවයට ලක් නොවී ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් ස්වාධිනව තමන්ගේ සිතුම් පැතුම් කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යා යුතු බවත් හෙතෙම පැවසීය.

එසේ ම රට විනාශ කළ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන දැවැන්ත අත්සන් මාලාවක් එකතු කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය රට පුරා ක්‍රියාත්මක කරන බවත් රට බංකොලොත් කිරීම නිසා විනාශ වූ සෑම දේපලකටම ව්‍යාපාරයකටම වන්දි ඉල්ලා අධිකරණයට යාමේ අවස්ථාව ද සමගි ජන බලවේගය උදාකර දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 25
Previous Post

පවිත්‍රාට හරින්ට රොෂාන්ගේ ගැලවුණ ඇමැතිකම් ලැබෙයි

Next Post

2024 අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

editor

editor

Next Post

2024 අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved