• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

1 October 2020
in සංවර්ධන

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) දින රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ පාලමේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ දායකත්වය ඇතිව ආරම්භ කරනු ලැබීය.

කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඉල්ලීමකට අනුව හපුගොඩ පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරිණි.

මෙම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ.

රට හදන “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙයට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල දෙහෙරගොඩ, කුරුවිට තලාවිටිය, ඇහැලියගොඩ ඉද්දමල්ගොඩ, බෝපත් ඇල්ල සහ එරත්නගොඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබීය.

මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා දිස්ත්‍රික්ක 25 න්ම යොජනා කැඳවූ අතර කුඩා පාලම් යෝජනා 5,000 කට අධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ලැබී ඇති යෝජනා ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර හතරක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ගම්වාසීන් සහභාගී වී සිටියහ.

 

Post Views: 8
Previous Post

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023ට පෙර නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Next Post

පොතපතට දරුවන් නැඹුරු කරමින්, ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි

editor

editor

Next Post

පොතපතට දරුවන් නැඹුරු කරමින්, ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved