27 April 2024
#දේශීය

මැතිවරණයට බයෙන් නැති බිල්ලෝ මවාපානවා – මහලේකම් සාගර

පළාත් පාලන ඡන්ද විමසීමට අදාල දින නියම කරන බවට මැතිවරණ කොමිසම පැහැදිලිවම රටට ප්‍රකාශයක් කර තිබියදී මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ ඡන්දයට මුහුණදීමට බියෙන් ඒ පිළබඳව නැති බිල්ලෙක් මවා පෑමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුව් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා, ‘‘මැතිවරණ කොමිසම අවසන්වරට මුණගැසුණු අවස්ථාවේදී ඉතා පැහැදිලවම රටට ප්‍රකාශයක් කලා පළාත් පාලන ඡන්ද විමසීමට අදාල දින නියමකිරීම කරනබව.එසේ ප්‍රකාශකර තිබියදී මේ රටේ සමහර දේශපාලන පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බොරුවට නඩුවක් පැවරුවා. මේකෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මේ ඡන්දයට මුහුණදීමට තිබෙන බියකමයි. ඒ අය මේ උත්සාහ කරන්නේ නැති බිල්ලෙක් මවා ප්‍රශ්නයක් ඇතිකර ඡන්දයට මුහුණදීමෙන් ඉවත්වීමටයි. මෙවැනි බොරුකතා නිර්මාණය කර රටේ ජනතාව නොමග යවා එකපාරකුත් මේ රටේ ජනතාව පාරට බස්සවා රට විනාශකලා වගේ නැවතත් මේ උත්සාහ කරන්නේ එවැන්නකටද? එම නිසා අප මේ විරුද්ධ පක්ෂ වලට කියන්නේ බොරු බීතික රටතුළ මවාපාන්නේ නැතිව ශක්තිමත් නම් ඡන්දයට සූදානම් වන ලෙසයි. අපි කිසියම් පක්ෂයක් සමග සන්ධාන ගතවන්නේ මේ රටේ අනාගතය සම්බන්ධයෙන් ජනතාවට සුබදායිවන ප්‍රතිපත්තිවලට එකඟවිය හැකිනම් පමණයි. එම නිසා අපේ ප්‍රතිපත්ති ,අපේ වැඩපිළිවෙල සමග එකඟතාවයකට එන එක්සත් ජාතික පක්ෂයද වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක් සමග අප සන්ධාන ගතවීමට සූදානම්..දේශපාලන පක්ෂයක් ලෙස අපේ අවසාන අරමුණ මේ රට දියුණු රටක් බවට පතකිරීම සහ ජනතාවට වඩා හොද අනාගතයක් ඇතිකිරීමයි. එයට එකඟවන ඕනෑම පක්ෂයක් සමග අපට එකතුවිය හැකියි. එසේ නොමැතිම් අපි එකුතුවන්නේ නැහැ. ප්‍රතිපත්තිමත එකඟවීමක් මිසක් හුදෙක් බලය ලබා ගැනීම සඳහා පමණක් වන එකතුවීමක් නොවෙයි. ’’ යැයි මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *