• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

14 March 2020
in වෙනත්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන් හි සහ බෝනොවන රෝග ඒකකයන් හි වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයීම සදහා වූ වැඩසටහනක් සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (13) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

2016 වසරේ දී හදිසි අනතුරු පිළිබදව තොරතුරු රැස් කිරීමේ පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි. මෙමගින් හදිසි අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබද රියදුරන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් සහ කළමණාකරණ කටයුතු සොයා බැලීම සිදු කරනු ලබයි. ඒ අනුව අද දින පසුගිය වර්ෂයේ හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහන යටතේ හදිසි ප්‍රතිකාර සේවාවන් අදාලව වෛද්‍යවරු ඇගයීම සිදු කරන ලදි.

රජයේ රෝහල්වල වාර්ෂිකව මිලියන 1.2 ක් පමණ  හදිසි අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගනී. එයින් 1/5   හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වූවන් වේ. හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි ප්‍රමාණයක් මිය යන අතර, වාර්ෂිකව 12,000 -14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වේ. මේ අතරින් 3000 ක් පමණ හදිසි අනතුරුවලින් මියයාමට හේතුවක් ලෙස මාර්ග තදබදය හේතුවන බව ද සොයාගෙන ඇත. ලෝකයේ දිනකට හදිසි අනතුරු හේතුවෙන් 14000 ක ජිවිත අහිමි වේ. අවම වශයෙන් සෑම මිනිත්තු 06 කට වරක් එක් ජිවිතයක් අහිමි වේ.

මෙවන් වැඩසටහනක් ආරම්භ කිරිම සදහා කටයුතු කිරිම පිළිබදව සිය ස්තූතිය පුද කරන බවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සිදු කිරිම සදහා සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව ද  සෞඛ්‍ය ලේකම් තුමිය මෙහිදී පැවැසීය.  මේ පිළිබදව ප්‍රතිපත්ති සැකසීම, ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වන බවත්, සංඛ්‍යාලේඛණ නිරීක්ෂණ කිරීමේ දී හදිසි අනතුරු පිළිබද බරපතල තත්ත්වය වටහා ගත හැකි වන බවත්, වෛද්‍යවරු විසින් සිදු කරන සේවාවට නැවතත් සිය ස්තූතිය පුද කරන බව ද සෞඛ්‍ය ලේකම්තුමිය මෙහිදී පැවැසීය.

මෙහිදී හදිසි අනතුරු සේවාවන් හි සහ බෝනොවන රෝග ඒකකවල සේවයේ නියුතු වෛද්‍යවරු අගයමින් සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සෞඛ්‍ය ලේකම් තුමිය අතින් මෙහිදී සිදු විය.මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් මහජන සෞඛ්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විද්‍යාකුමාරපේලි මහත්මිය, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ඇතුලු දිස්ත්‍රික්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුලු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.   

Post Views: 8
Previous Post

ආණ්ඩුව කොරෝනා වෛරසයට මුවාවී සියළුම බර ජනතාවට පටවනවා – දුමින්ද නාගමුව

Next Post

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන සති දෙකක් වසා දමයි

editor

editor

Next Post

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන සති දෙකක් වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved