27 April 2024
#ක්‍රීඩා

කට්ටිය හත් පොළේ ගාගෙන

සම්මත වු විගණන පනත විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

අද (08) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම පනත සම්මත වීමෙන් පස්සේ විගණන කොමිසමට තිබෙන ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්ට පැවරි යන බවයි.

එය හරියට බල්ලගේ වැඩේ බූරුවා කිරීමක් බවත් අවුරුදු 3ක් කෙකර ගාලා දාපු බිත්තරය විගණන කොමිසමටවත් විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වි නොමැති බව ඔහු කියා සිටියේය.

විගණන පනත තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කියන්න ඕනෑ බව හදුන්නෙත්ති මහතා අවධාරණය කළේය.

ආණ්ඩුව මාර්ග නීති කඩකරන ජනතාවට රු. 25,000ක දඩයක් නියමකරනකොට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන නිලධාරීන්ට අයකරන දඩය රු. ලක්‍ෂයේ සිට රු. 5,000 දක්වා අඩු කරනවා.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවන බව එයින් පැහැදිළි වෙනවා. මීට පෙර සිදුවුණේ ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස පනවන දඩ විපක්‍ෂය මැදිහත් වෙලා සංශෝධනයට ලක් කිරීමයි.

නමුත් මේ ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ තමන් විසින් යෝජනා කරන දඩ මුදල් ආණ්ඩුවම මැදිහත් වෙලා අසාධාරණ ආකාරයෙන් අඩු කිරීම බව සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *