27 April 2024
#දේශීය

සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

සංචාරකයින් 2000ක් පමණ සහ කාර්ය මණ්ඩලය 900ක් සමග Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) සුවිසල් අධිසුඛෝපභෝගී මගී නෞකාව අද(29) උදෑසන කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය (ECT) වෙත සේන්දු වි ය.

නෞකාව පිළිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වි ය.

මගීන් 2534 දෙනෙකු සඳහා නෞකාව තුළ පහසුකම් ඇති අතර, කාර්යමණ්ඩලය ලෙස 1030 දෙනෙකු යෙදවිය හැකිය. මෝල්ටා ධජය යටතේ යාත්‍රා කෙරෙන නෞකාව දිග මීටර් 295.26 ක් සහ පළල මීටර් 36.24 ක් වන අතර ගැඹුර මීටර් 8.05කි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *