27 April 2024
#ව්‍යාපාර

26 වන වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) උළෙල සාර්ථකව අවසන්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරනු ලැබු 26 වැනි වාර්ෂික ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය 16 වනදා පවත්වනු ලැබීය.

ගුණාත්මකභාවය සහ කාර්ය සාධන විශිෂ්ටත්වය සඳහා වන ඉහළම සහ වඩාත්ම කීර්තිමත් ජාතික මට්ටමේ සම්මාන උළෙල වන වන මෙය, විශිෂ්ටත්වය සඳහා කැපවී සිටින දේශීය සමාගම් සහ නැගී එන ව්‍යාපාර හඳුනා ගැනීමේ සහ ඇගයීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි.

තවද ඇමරිකාවේ Malcolm Baldrige National Quality Awards (MBNQA) හි භාවිතා වන ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක මත පදනම්ව මෙම සම්මාන ලබා දීම ක්‍රියාත්මක වන අතර, දැනුම හුවමාරු කර ගැනීම තුළින් ගුණාත්මක ප්‍රමිතීන් සහ කාර්ය සාධන විශිෂ්ටත්වය තවදුරටත් සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම දිරිමත් කිරීම මෙමගින් සිදුවන බැවින් මෙහිදී සම්මාන ලබාගන්නන් වෙත පුළුල් ප්‍රජාවකගේ ගෞරවය සහ කීර්තිය මෙන්ම තවත් බොහෝ ප්‍රතිලාභ හිමිවේ. තවද සහභාගී වූවන් වෙත ඔවුන්ගේ ඉදිරි සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගත හැකි නිර්දේශ සමඟ සවිස්තරාත්මක වාර්තා සහ ඇගයීම් වාර්තා ලබාදීමට සිදුවේ.

මෙම සම්මාන උළෙලේදී 2019 වර්ෂය සඳහා නිෂ්පාදන අංශයේ මහාපරිමාණ කාණ්ඩයේ ප්‍රමුඛතම ජාතික තත්ව සම්මානය Hemas Manufacturing පුද්ගලික සමාගම විසින් දිනාගත් අතර, 2020 වසර සඳහා නිෂ්පාදන අංශයේ 2019 මහා පරිමාන නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම ජාතික තත්ත්ව සම්මානය CBL Exports (පුද්) සමාගම විසින් දිනා ගත්තේය. මෙයට අමතරව Commercial Bank of Ceylon PLC (සේවා කාණ්ඩයේ, මහා පරිමාණ අංශයේ), මැලිබන් බිස්කට් (පුද්) සමාගම (නිෂ්පාදන කාණ්ඩයේ, මහා පරිමාණ අංශයේ) සහ නෙස්ලේ ලංකා (පුද්) සමාගම (නිෂ්පාදන කාණ්ඩයේ, මහා පරිමාණ අංශයේ) අනුපිළිවෙලින් 2020 වර්ෂය සඳහා ජාතික තත්ත්ව සම්මානය හිමිකර ගැනීමට සමත් විය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති අසංග රණසිංහ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය ඇතුළු ප්‍රභූවරුන් සහ ආයතනික ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *