27 April 2024
#දේශීය

පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගැලවු මව්බිමේ පුවත අසත්‍යයි

“පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි ” යනුවෙනු පසුගිය 17 වනදා ඉරිඳා මව්බිම පුවත්පතේ සහ ඉංග්‍රිසි පරිවර්තනය වන Ceylon Today පුවත්පතේ NPC exposes Karu පල වු ප්‍රවෘත්තිය මුළුමනින්ම සාව්‍ය බව පොලිස් කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව මව්බිම පුවත්පත් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ පල වු ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය කරුණු මත නිර්මාණය කල පුවතක් බවයි. එසේම මෙම පුවත පල කිරීමට මව්බිම පුවත්පතේ කිසිදු මාධ්‍යවේදීයෙකු පොලිස් කොමිෂමේ සභාපතිවරයාගෙන් හෝ ලේකම්වරයාගෙන් එම පුවතේ අඩංගු කරුණු පිළිබඳව තහවුරු කිරීමක් කර ගත යුතුව තිබු නමුත් එසේ සිදු නොකිරීම පිළිබඳ කොමිෂන් සභාවේ කනගාටුව පල කර සිටි.
එම කොමිෂන් සභාව දන්වා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීමට හා ඒ තුළින් කොමිෂන් සභාවට අගතියක් සිදුවිය හැකි බැවින් මුල් පුවතට ලබා දුන් ප්‍රසිද්ධියට සමාන ප්‍රසිද්ධියක් මෙම ප්‍රවෘත්තියටත් ලබා දෙන ලෙස දැනුම් දීමක් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *