27 April 2024
#දේශීය

ජාතික සභාව පත් කළ අනු කමිටු හෙට රැස්වේ

ජාතික සභාවේ දෙවන රැස්වීම අද (06) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී පත්කිරීමට තීරණය කෙරුනු අනු කමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කිරීම එහිදී සිදු කෙරිණි.  ‘කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමටත්,   ‘ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමට’ත්, මෙම අනු කමිටු දෙක පත් කෙරිණි.

කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුය.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුය.

මෙම අනු කමිටු දෙක හෙට (07 )දින රැස්වීමට නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *