27 April 2024
#විදෙස්

තමාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව ඇමරිකානු ජනාධිපති පවසයි

කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය ට්විටර් පණිවුඩයක් මගින්  සඳහන් කර තිබෙන්නේ තමාට මෙන්ම තමාගේ බිරිඳට මෙම වෛසරය ආසාදනය වී ඇති බවයි. 

පසුගියදා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීප සහායිකාවක වන හෝප් හික්ස් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව හෙලිව ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

හික්ස් මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා ක්ලීව්ලන්ඩ් හි පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයට ගොඩවන ආකාරයද දැකගත හැකිවී තිබුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *