27 April 2024
#දේශීය

කොළඹ නගර සභාවේ පුරහල භූමිය කෘෂී අස්වැනු නෙලයි

කාගිල්ස් ආයතනයේ දායකත්වය මත කොළඹ නගර සභාවේ පුරහල භූමිය තුළ සිදුකරනු ලැබූ ආදර්ශවත් කෘෂි බෝග වගා බිමේ මේ වන විට ඵලදාව ඉතා සාර්ථක අන්දමින් හටගෙන ඇති අතර, එම අස්වැන්නෙන් කොටසක් නෙලාගැනීම නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

මෙම වගා භූමියෙන් නෙලාගත් ඵලදාව කොළඹ නගරය තුල වෙසෙන අඩු ආදායම් ලාභී ජනතාවෙත පිසූ ආහාර ලබා දීමේ වැඩසටහනක් වන ප්‍රජා කුස්සිය (community Kitchen) වැඩසටහන වෙත සහ කොළඹ මහා නගර සභාවේ දීවා සුරකුම් මධ්‍යස්ථාන වලට වැඩිහිටි නිවාස වලට, පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනට සඳහා ලබා දීම සිදුකරනු ලබනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *