• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කප්පම් එක්ක රජවෙන වෙබ් මාෆියාව

1 February 2021
in දේශීය

මේ වන විට අස්සක් මුල්ලක් නෑරම ඇත්තේ තොරතුරුය.

මේ අතර ප්‍රමුඛ ස්ථානයක් සමාජ ජාල වෙබ් අඩවියවල හැදෙන්නේ නොසිතු ආකාරයට. ලංකාවේ නම් ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ යම් නියාමයක් ඇතිව ලියාපදිංචි කරනු ලබන වෙබ් අඩවිවලට වඩා ප්‍රචලිත වන්නේ කිසිදු පදනමක් නොමැතිව කාගේ හරි කීර්තිනාමයට කැලැල් ඇති කරමින් මඩ වපුරවමින් සාවද්‍ය දේ ප්‍රචාරණය කරනු ලබන වෙබ් අඩවිවලට වීම ඉතා ශෝචනීයයි.

මෙරටට එවැනි පසුබිමක් හැදෙන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා නොව කුණු රසය සොයන පිරිස් තව තවත් වැඩි වීම නිසාවෙනි. මාධ්‍ය තුළ සාධාරණත්වය මෙන්ම සාදාචාරය පවා ගිලිහින්නේ පාඨකයා මෙන්ම ශ්‍රවකයා සොයන දේ අනුව බව දන්නෝ දන්නේය.

මේ කතා කරනනේ ඇතැම් වෙබ් අඩවි අටාගෙන ඉන්න මාධ්‍ය කඩකාරයින් දිහාවටය. සෑබැවින්ම ඔවුන්ට ඇත්තේ ජනතාවට නිවැරදි තොරතුර දෙනවාට වඩා සරදියල්ගේ ක්‍රමයට මාධ්‍ය හැසිරවීමයි. මේ කතා කරන්නේ සමස්ත වෙබ් අඩවිවලට නොවන බවත් තොප්පිය හරිනම් දාගන්නා ලෙසත් කියන්නේ ඉතාම කාරුණකවයි. ඇත්තටම වෙබ් මාධ්‍ය කලාව කියන්නේ තොරතුරු නිවැරදිව ජනතාව වෙත ලබා දීමේ ඉතා වේගවත් මාධ්‍ය කේෂ්ත්‍රයකි.

මේ මාධ්‍ය කාලව විනාශ කරන ඇතැම් ඩිල් කාරයින් අද සිටින්නේ ඉහළ පුටුවල වීම තමා කනගාටුවට කරුණක් වන්නේ. ඔවුන් එසේ වීමටත් හේතුව කප්පම් ගැනීමේ මහමෝළකරුවන් වීම බව කිව යුතුමයි.

මේ වෙබ් කප්පම් ගැනීම් දිගින් දිගටම සිදු වුවහොත් සෑබෑ වෙබ් මාධ්‍ය වේදීන්ට සිදු වන්නේ පාරක අයිනේ හිගා කෑමට සිදු වීම නොඅනුමානයි. දැන් අපි මාතෘකාව එමු. මේ කරන්නේ යම් පුද්ගල කණ්ඩායමක් විසින් අපගේ වෙබ් මාධ්‍ය විනාශ කිරීමට විරුද්ධව නැගි සිටිමකි.

කප්පම් වෙබ් අඩවි අටවා ගෙන ඇති බොහෝ පිරිස් විසින් ඇතැම් පුද්ගලයින්ගේ කිර්තිනාමයට හානිවන සාවද්‍ය ප්‍රවෘත්ති පල කරමින් එය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමටනම් මුදලක් ගෙවන ලෙස පවසමින් මුදල් ගැනීමක් සිදු කරන බව අප වෙත ඉතා විශ්වාසනීය තොරතුරු ලැබී ඇත.

මේ පිලිබඳ කිවහොත් ඇතැම් විදේශ රටවල සිටින වෘත්තිය මට්ටමේ පුද්ගලයින්ට ද මේ තුළින් විශාල හානියක් සිදු ඇති අතර ඔවුන්ට මේ කප්පම් වෙබ් අඩවිවලට මුදල් දීමක් හැර වෙන දෙයක් කරන්නට නොහැකි වු අවස්ථා ඇති බව අප කියන්නේ ඉතා විශ්වාසයෙනි. ඒ එම පුද්ගලයින්ගේ වෘත්තිය මට්ටම අනුව යම් මඩ වෙබ් අඩවියක් මගින් ඔහුගේ කිර්තිනාමයට හානි කරමින් පල කරන ලබන ප්‍රවෘත්තිය එම පුද්ගලයා රාජකාරිය කරනු ලබන ආයතනයට එවන්නේ මොහු සම්බන්දයෙන් සොයා බලා විමර්ශනය කරන ලෙසයි.

නමුත් එහිදී අදාල පුද්ගලයාට ආයතනයෙන් විමර්ශනය කරන අවස්ථාවේදී යම් නීතිඥ ගාස්තුවක් ගෙවීමට සිදු වන අතර ඊට වඩා වෙබ් අඩවියට මුදලක් දීම තුලින් තම රැකියාවට බලපානු ලබන අපහසුතාවය වලක්වා ගැනීමට හැකියාව පවතිනු ඇත. එකී මෙකී නොකි සියළු දේ මේ කප්පම් වෙබ් කල්ලිවලින් සිදු කරනු ඇත. කෙසේ වෙතත් මෙම කප්පම් වෙබ් මාෆියාව නතර නොකලහොත් රටේ මාධ්‍ය කලාව බිමට සමතලා වන බව නම් නොඅනුමානයි.

මෙවැනි අටවාගෙන අසත්‍ය තොරතුරු වපුරන වෙබ් අඩවි සම්බන්දයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හෝ රටේ නීතියෙන් දඩුවම් නොකරන්නේ ඇයිදැයි තවමත් ප්‍රශ්ණයකි.

Post Views: 10
Previous Post

ගෝඨා දේපල විකුණන මතයේ නෑ – අගමැති මහින්ද

Next Post

මම පොරොන්දුවක් දුන්නොත් ආයේ වෙනස් වෙන්නේ නෑ .. ජැටිය කාටවත් දෙන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

මම පොරොන්දුවක් දුන්නොත් ආයේ වෙනස් වෙන්නේ නෑ .. ජැටිය කාටවත් දෙන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved