• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරන වැඩ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙනවා අඩුයි

2 August 2018
in සංවර්ධන

පාක්ෂිකයින් වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පාක්ෂිකයින් මුහුණ දෙන ගැටළු හදුනාගනිමින් ඒවාට කඩිනම් විසදුම් ලබාදෙමින් ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙනයන වැඩසටහනේ තවත් විශේෂ මහජන නියෝජිත හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (02) පැවැත් වු අවස්ථාවට එක්වෙමින්.

මේ සදහා මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන (මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා) ආයතනවල මහජන නියෝජිතයින් සහභාගි වුණා.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව පෙන්වා දුන්නා.

කවර බාධක මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති ගම් පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල ප්‍රතිඵල ලබාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රමුඛ ජනතාවට නොබෝ දිනකින් අවකාශ උදාවනු ඇති බව ද මහ ලේකම්වරයා සදහන් කළා.

 

Post Views: 16
Previous Post

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

Next Post

කළු පෙට්ටිය සොයා ගැනේ

editor

editor

Next Post

කළු පෙට්ටිය සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved