27 April 2024
#දේශීය

ලෝකෙම ඉදිරියට යන නමුත් ආණ්ඩුව එකතැන – විපක්ෂනායක සජිත්

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (29)වැල්ලවාය තණමල්විල බලමණ්ඩල රැස්වීම අමතමින්.

මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බව හෙතෙම පැවසිය.

එවැනි තත්ත්වයක වුවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකළ බව කී ඒ මහතා සක්වල සහ හුස්ම වැඩසටහන් ඊට කදිම නිදසුන් බවද පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *