• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

14 September 2021
in දේශීය

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අති නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් සමන්විත ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය අචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත බාරදීම අද (14) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණි.

අඩි 40 ක දිගකින් හා අඩි 12 ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කරමින් රුපියල් ලක්ෂ 500 ක මුදලක් වැයකර නිර්මාණය කර තිබෙන මෙම ජංගම දැඩි සත්කාර ඒකකය ඇඳන් තුනකින් සමන්විය.

මෙහි ඇති ඇඳන් තුනේ ප්‍රතිකාර ලබන රෝගීන් සී.සී.ටි.වී කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරා වෙනත් කාමරයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව එය පරිත්‍යාග කළ ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගම පවසයි.

එම සමාගම වසර 18 ක පමණ කාලයක් තිස්සේ මෙරටට වෛද්‍ය උපකරණ සපයා තිබේ. මේ ආකාරයේ ජංගම දැඩි සත්කාර ඒකකයක් ඉතාලියේ ක්‍රියාත්මක වන නමුත් එහි ඇත්තේ ඇඳන් දෙකක් පමණක් බවත් එයට වඩා අති නවීන පහසුකම් වලින් මෙරට ජංගම දැඩි සත්කාර ඒකකය සමන්විත වන බවත් ප්‍රිමියම් ජත්‍යන්තර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත කුලරත්න මහතා කීය. මේ වන විටත් මෙවැනි පහසුකම් සහිත තවත් ජංගම දැඩි සත්කාර ඒකක සහිත කන්ටේනර් දෙකක් ඉදිවෙමින් පවතින බවත් ඒවාද ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ අවශ්‍යතාව වටහා ගනිමින් දේශීය සමාගම් මේ ආකාරයේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම අගය කරන බවත් එය රෝගී ජීවිත බේරා ගැනීමට කටයුතු කරන සෞඛ්‍ය අංශ වලට විශාල ශක්තියක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

පළමු කොවිඩ් රැල්ලේ සිට එය සාර්ථකව මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය සේවාවන්හි ඉහළම දායකත්වය මෙරට සෑම තරාතිරමකම ජනතාවගේ දැඩි ඇගයීමකට ලක්ව ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය .

මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය, මරණ සංඛ්‍යාව ඔක්සිජන් අවශ්‍යතාව සැලකිය යුතු අයුරින් විශාල ලෙස අඩු වෙමින් පවතින බවද සාර්ථක එන්නත්කරණය හා නිවැරැදි කොවිඩ් පාලන ක්‍රියාවලිය ඒ සඳහා හේතු වෙමින් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යෙවරයා මෙහිදී කීය.

 

 

 

 

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ප්‍රසන්න කුලරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

ඡායාරූප-ජංගම දැඩි සත්කාර ඒකකය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදුන් අයුරු. ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු. ජංගම දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කර තිබෙන කන්ටේනර් රථය

 

 

Post Views: 6
Previous Post

මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම්

Next Post

විදේශගතව එන අයගෙන් මුදල් ගසා කෑම් ගැන කඩිනමින් පියවර – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

විදේශගතව එන අයගෙන් මුදල් ගසා කෑම් ගැන කඩිනමින් පියවර - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved