27 April 2024
#විශේෂාංග

ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරලා

ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුලේ ගාමන්ට් ෆක්ටරියක් දාලා නැතිනම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දමලා කී විගසම අපි පුදුමයට පත් වනු ඇත.

නමුත්,මේ සුන්දර වු කතාව සත්තකින්ම අගනේ ය. එය මේ රටේ වෙනත් පාසල්වලටද ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට මහින්ද පාසලේ බාලකයෝ රටටම ආදර්ශයක් ලබාදුන් සුන්දර බාලක පොඩි හිටියන්ගේ සුන්දර කතාවකි.

සෑම දෙයක්ම මුදලට මිලදී ගැනීමට හුරු වූ අය අතරේ,තමන්ෆේ සහෝදර ශිෂ්‍යයින්ට ලෝක ළමා දිනයට සමගාමීව තමාගේම අතින් සකස් කරන්නට මේ බාලකයෝ සිදු කරන මෙිහවර අගනේය. එයට විදුලහල්පති තුමාගේ හා ආචාර්ය මන්ඩලයේද පුර්න සහයෝගය මේ බාලකයන්ට ලැබි ඇත්තේ පාසල් භූමිකාවෙන් එහා ගිය සුන්දර ජීවිතයකට කතා කරන ජීවිතය දිනන්නට යන ගමනට සැබෑ වු අත්වැළක් සපයන්නටය. එය සත්තකින්ම අගනේය. එම අද්‍යපන ක්‍රමය අද රටට උවමනා කරන හෙට රට ඉල්ලන අධ්‍යාපන ක්‍රමයකි.

ලෝක ළමා දිනය වෙනුවෙන් සිසුන් 4000ක් සඳහා මේ පරිසර හිතකාමි බෑගය, තමන්ෆේ පාසල තුළදීම,තමන්ෆේ දෑතින්ම නිපදවූ ආදේශමත් කතාවේ කතා නායකයෝ මහින්ද විද්‍යාලයේ බාලකයෝමය..

සත්තකින්ම ගාල්ල මහින්ද විදයාලය කියන්ෆන් දිවයිනේ තිබේන ජනප්‍රිය බාලක ජාතික පාසලකි.පිරිමි දරුවන් පමණක් ඉගෙනුම ලබන ගාල්ල මහින්ද විදයාලයේ, බහු මාධ්‍ය ශ්‍රවණාගාරය තුළ,මේ දිනවල දී රෙදිපිළි මැසීම සිදුකරන ආකාරය සුන්දරය ඇදුම් මහන්නේද බාලකයන් විසිනි.මහින්ද විද්‍යලෆේ සිසු දරුවන් ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප ද මෙහි මැහුම් කටයුත වල නිරතවන ආකාරය දකිය හැකිය.

ඔවුන් එසේ සකසක් කරන්නේ,පරිසර හිතකාමී බෑගයකි.සත්තකින්ම,මෙවැනි සත්කාරියක් බාලක,පිරිමි පාසලක දරුවන් විසින් සිදු කරන්නේ ලංකාවේ ප්‍රථම වරට විය හැකිය.

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන්,විද්‍යාලයේ 4000 පමණ වන සිසු දරුවන්ට,නොමිලයේ තෑග්‍යයක් ලෙස මේ ආකාරයේ පරිසර හිතකාමි භෑගය සකස් කෙරිනි එය ඊයේට (01) යෙදුණු ලෝක ළමා දිනයට සමගාඹීව සිදු කෙරිණි.

ගාල්ල මහින්ද විද්‍යාලෆේ විදුල්පති,රුසිර මද්දදුම මහත්ාගේ නව අදහසක් අනුව,මෙය ක්‍රියාත්මක කොරිණි.විද්‍යලයේ,ගෘහ ආර්තික විද්‍යාව හා ප්‍රායෝගික තාක්ෂ්‍නික කුසලතා විෂ්‍යන් දාරන,දරුවන් මේ ආකාරයෙන්, ඔවුන්ෆේ අදාළ කාලච්ෆේද වලදී,මෙම පරිසර හිතකාමි බෑගය නිරිමානය කර තිබේ.ආදරය සෙනෙහස එකමතු කම එක්ක සහොදරත්වයේ පරිසර හිතකාමි බෑගය මේ අයියුරින් අපේ පාසලේ ළමා පිරිස සිදු කළේ ළමා දිනයට ළමයිනට ඔවුන්ගේ ලෝකය තනා දෙන්නට විවර කරන්නට දැයි සිතේ එය අගනේ ය.

හැකියාව, දක්ෂතාවය නිපුනත්වය සමගින් නිරිමානාත්මක හැකියාව ප්‍රාෙයා්ගිව යොදවන්නට හුරු පුරුදු කිරීම මෙම පරිසර හිතකාමි බෑගය නිර්මානය කරන කතාවේ කියවෙන අදහස නොවන්නේ ද? කඩේට මල්ල අල්ලා යමක් ලොකෙ ළමා දිනයට දෙනුවා වෙනුවට අපි හදපු අපේ ම නිපැයුමක් සිසු දරුවන් 4000කට දෙන්නට හැකි නම් කොතරම් සුන්දර මෙහෙවරක්ද

සාමූහික ව එකතු වී ඉලක්කය කරා යාමට පුහුණුවත් ලබාදීම තුළ හෙට ඉල්ලන රටට අවශ්‍ය කරන ළමයා පාසල තුලින්ම නිපැයුම මෙහි අරමුණයි.

මහින්ද පාසලේ බාලකයෝ රෙදි මහනවා බෑග් හදනවා සුන්දරයි ඒ දසුන මට සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇදුම වියන්නේ …ගීතය වෙනස්කර ගායනා කරන්නට සිතතුළට ආවද මා ගායනා කලේ නැත.ඒ ඇදුම් මැෂිම සත්තකින්ම ගීතවත්ය සුන්දරය රසය රසමියුරුය රසවිතය දරුවනේ ආදරයෙි කියා මා සටහන් කරන්නේ අන්න ඒ නිසාය.

පුරා දින කිහිපයක් ළමයින් ‍ගුරුවරු දෙමාපියන් පිරිසක්ද එක්ව මේ සත්කටයුත්ත සිදු කළහ.

අධිවේගී ජුකි මැෂින්,බෑගය නිම කිරීමේ දී ක්‍රම ක්‍රමයෙන් මෙය සිදුකරනු ලැබු ඇතඅපනයන රෙදිපිලි ඇගලුම් කර්මාන්ත ශාලාවක වාගේ රෙදි සකස්කරන සුන්දරත්වය මහින ආකාරය ආදි ක්‍රමවෙිදයන් බාලකයන්ගේ ළමා වු අතපයෙන් සිදුවන අපුරුව කොතරම් පියකරුද? මේ දරුවන්ගේ ඒ හැකියාව කලාකාමිබව, නිර්මාණාත්මක බව, පිරිමි ළමයිනගේ සංගමය විනීත කම සියලුලම එහි මනාව පෙනෙන්නට තිබේ.

මේ පරිසර හිතකාමි බෑගය මිල දී ගත්තේ නම් විශාල මුදලක් වැයවනු ඇති. නමුත් එයට තිත තැබු මහින්ද විද්‍යාලය ලෝක ළමා දිනයට යම් අලුත් අරුතක් ගෙන දී ඇත.අනෙක පිරිමි දරුවන් මැහුම්ගෙතුම් කරනවා,කි විගසම යම් අවුල් වගේ පේනවා නේද නෑ එහෙම නෑ. මේ බාලකයෝ නිදහස් වෙළද කලාපයක වසර ගණන් වැඩ කළ ලොකු ගැහුනු පිරිමි අය වාගේ මහ මැහිල්ල සුන්දරය.

වාර්තාව හා ඡායාරූප – නිමල් අල්ගෙවත්ත

Leave a comment

Your email address will not be published. Required fields are marked *