ඉකුත් ඇසළ පසළොස්වක පොහෝ දින (29) කසිප්පු වැටලීමක් සඳහා වෙල්ලත ප්‍රදේශයට ගිය තෙබුවන පොලිසියේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී, පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 07 දෙනකු තෙබුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් (105042) ලීබන් මහතා වෙල්ලත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














