27 April 2024
#දේශීය #පුවත්

ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

ඔහු මාතලේ මුලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පො.ප ප්‍රියන්ත ජයසේකර මහතා ය.ඉකුත්දා ඔහු හැත්තෑවෙනි වතාවටත් ලේ දන්දිමේ වැඩසටහනකදි ජයසේකර මහතා මෙම ලේ දන් දිම සිදු කෙරුණි.

මේ වන විට 54 වියෙහි පසුවන ජයසේකර මහතා අම්පාර ගලපිටමඩ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර 1989 වසරේ ආධුනික පොලිස් නිලධාරියෙකු ලෙස පොලිස් සේවයට බැදි ඇති අතර පසුව පැවති යුධමය සමයේදි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට ලක්ව එයින් මිදි ආ නිලධාරියෙකි.දෙදරු පියෙකු වන ප්‍රියන්ත ජයසේකර මහතා මාතලේ ප්‍රදේශයේ විවිධ සමාජිය ආගමික පොදු කටයුතුවලදි පොලිස් නිලධාරියෙකු ලෙසත් ජනතාව අතර ප්‍රසාදය ලත් අයෙකි.

ඔහු ලේ දන් දිම පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ලේ දන් දිමේ වැඩසටහන් සංවිධානය කරන බවත් වෛද්‍ය උපදෙස් අනුව හැකි අවස්ථාවකදිම ලේ දන් දිම් සිදු කරන බවත් ජිවිත කාලය තුළ හැකි උපරිම ආකාරයෙන් ලේ දන් දෙන බවද හෙතෙම පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *