• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට වෙරළ තීර 28 ක් “නිල්ධජ වෙරළ” තීර බවට පත්කිරීමට සැලසුමක් – ඇමැති ප්‍රසන්න

3 June 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධනය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරයන්වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වෙරළ තීරයන් තෝරාගෙන ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මතයි.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32 ක මුදලක් ආරුගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබේ. අදාල මුදල් දැනටමත් දිස්ත්‍රීක් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියාමන ව්‍යාපෘතියක් වන පාසිකුඩා වෙරළ තීරය මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ද පවසයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප තුළ නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාල කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කලමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග 04 යටතේ වූ නිර්ණායක 32 ක් සපුරාලීම මගිනි. වෙරළ හා සාගර පරිසරය ආරක්ෂා කරමින් දූෂණයෙන් තොරව පවත්වා ගැනීම මගින් සංචාරක හා ධීවර වැනි කර්මාන්තවල තිරසර බව ආරක්ෂා කිරීම නිල්ධජ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. මෙම සහතික නිකුත් කරනුයේ ඩෙන්මාර්ක් පරිසර අධ්‍යන පදනමයි. නිල්ධජ වෙරළක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සදහා පදනමෙහි සාමාජිකත්වය සහිත ආයතනයක් මෙරට ස්ථාපනය කළ යුතුය.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට එම පදනමේ සාමාජිකත්වය ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවිය. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනි. එමගින් වසර දෙකකට මීපා ආයතනයට ඩෙන්මාර්ක් පරිසර පදනමේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

 

 

 

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 19,863
Previous Post

ඩෙංගු මර්දනයට ඉදිරි සති දෙකක කාලය තුළ ධූමායන හා පිරිසිදු කිරීමක් – සෞඛ්‍ය ලේකම්

Next Post

තිලංග, සජිත් එක්වෙන්න සාකච්ඡා

editor ttvnews

editor ttvnews

Next Post
තිලංග, සජිත් එක්වෙන්න සාකච්ඡා

තිලංග, සජිත් එක්වෙන්න සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved