27 April 2024
#දේශීය

මෙරට පවතින තත්ත්වය මත හදිසි නීතිය කිසිසේත් සාධාරණීකරණය නෑ – මහාචාර්ය ජී. එල්

අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම කිසිසේත් සාධාරණීකරණය කිරීමට නොහැකි බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පවසයි.

ඒ මහතා මේ ව පැවසුවේ අද (28) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකදිය.

එහිදී ජී.එල් පිරිස් මහතා මෙසේ අදහස් පල කලේය ” “මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ආරම්භක සභාපති. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහමුලින්ම හාත්පසින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට පටහැනියි. මානව හිමිකම් සාක්ෂාත් කරන්න අපට සපයාදෙන සියලුම නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට, බිංදුවට පත්කිරීමට නීතිමට සක්‍යතාවයක්, බලයක් තියෙනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට හා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම. ඒ නිසා තමයි මම ඒකට විරුද්ධව ඊයේ පාර්ලිමේන්තුවේ දී මගේ ඡන්දය ප්‍රකාශ කළේ.”

මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ,වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ ,ලලිත් එල්ලාවල , කේ. පී. එස්. කුමාරසිරි ,වෛද්‍ය උපුල් ගලප්පත්ති , තිලක් රා‍ජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *