• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගමික විශ්වාසය සම්බන්ධයෙන් නිර්ධය ලෙස විවේචනය කරන්න අයිතියක් නෑ – මන්ත්‍රී රංජිත්

7 July 2023
in දේශීය

බෞද්ධ ආගමට පිරිසක් විසින් අපහාස, උපහාස කරනුයේ සම්බුද්ධ ශාසනය හා බෞද්ධ ආගමේ මූලික ඉගැන්වීම සහ හර පද්ධතියට පහරදීමට පමණක් නොව එහා බැඳුනු යටි අරමුණක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “ඈත අතිතයේ සිට මේ බොරුව සමාජගත වීම සඳහා සුවිශේෂි දායකත්වයක් සමහර මාධ්‍ය ලබාදිලා තිබෙනවා. මේ පච ගොන්නට අලුතින් එකතුවෙච්ච පචය තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන කොට මේ රටේ බැංකු පද්ධතිය 30 වෙනිදා වෙනකොට කඩා වැටෙයි කියලා කියන පචය. හැබැයි අද ඔබලා දකිනවා ලැයිස්තුගත බැංකුවල කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යනවා. කොටස් වෙළඳපොල නැවත පනගැන්විලා ආයෝජකයින්ට අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා රට තුළ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා කියන එකට යම් යම් සංඥාවක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපි දැන්වත් මේ බොරුව සමාජගත වෙන එක නවත්තන්න ඕන. එයට හේතුව ශ්‍රී ලංකා සමාජය දැනුවත් සමාජයක්. අපේ සාක්ෂරතාවය දියුණු සංවර්ධිත රටවල්වලට සමානයි. ඒ නිසා අපි මේ බොරුව සමාජගත කරමින් උත්සහ කරන්නේ විසඳුමක් දෙන්න නොවේ. රාජ්‍ය අස්ථාවර කරලා ආණ්ඩුබලය අල්ලා ගන්නත් නොවේ. අස්ථාවරත්වය මත තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. ඒනිසා නම් ගම් වශයෙන් සඳහන් නොකළාට දිගින් දිගටම බොරුව සමාජගත කරන එක නොකළ යුත්තක්. ඒකට හේතුව අපේ රටේ සමාජය තුළ විකෘතියක් ඇති කරන්න ඉඩකඩ තිබෙනවා. දැන් මහා බැංකුව ඊයේ තමන්ගේ නිල පොළි අනුපාතිකය පහළ දැම්මා. රටේ පොළි අනුපාතිකය තීන්දු වෙන්නේ මහා බැංකුවේ පොළි අනුපාතිකයත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආයෝජකයින්ට තමන්ගේ ආයෝජන භාණ්ඩාගාර බිල්පත් සහ සුරකුම්පත් ආයෝජනය කරනවා වෙනුවට සැබෑ ආයෝජන අවස්ථාවන් හොයාගෙන අලුත් පිරිසකට රැකියා උත්පාදනය කරන මාර්ග සැලසෙන, ඒ වගේම සේවා ව්‍යුක්ත නිෂ්පාදන සම්පත් සේවා නියුක්ත කිරීමට අවස්ථාව ලැබෙන ආයෝජන වෙත යොමු කරන්න පුළුවන් ව්‍යාපාර පරිසරයක් අපේ රටේ බැංකු පද්ධතිය ඇති කරයි කියලා. ඒ නිසා මහා බැංකුවේ ප්‍රතිපත්ති පොළි අනුපාතිකය පහළ යෑමේ වාසිය මේ රටේ ආයෝජකයින්ට ලැබිය යුතුයි. ඒනිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලසීමාව තුළ අපේ රටේ බැංකු, මූල්‍ය ආයතන මේ සුභ පණිවිඩය මේ රටේ ආයෝජකයන්ට දෙනු ලබයි තමන්ගේ ප්‍රතිපත්ති පොළි අනුපාතකයන් ගැලපෙන ආකාරයට ගලපලා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ අග වෙන කොටවත් බැංකු පොළි අනුපාතිකය වාණිජ බැංකුවල ණය දෙද්දි තනි ඉලක්කමට අරගෙන එයි කියලා. අපේ ආහාර මිල උද්දමනය සීග්‍රයෙන් පහළ යනවා.ජනතාව අලුත් බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා. විශාල පිරිසකට අපිට සහන සලසන්න අවස්ථාව මේ හරහා ලැබෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා මේ රටේ බැංකු සහ මුල්‍ය ආයතන ආයෝජන දිරිගන්වන මූල්‍ය ප්‍රතිපත්තියකට ගමන් කරයි කියලා. මා බෞද්ධයෙක් නිසා නොවේ ඊට එහා ගිය සමාජ වගකීමක් තියෙන කෙනෙක් විදිහට මෙය භාජනය කරන්නේ. සමාජ මාධ්‍ය තුළ එක්තරා පිරිසක් එක්තරා කල්ලියකට, කණ්ඩායමකට අයත් වන පිරිසක්. මේ රටේ අතිමහත් බහුතරයක් බෞද්ධ ජනතාවගේ සිතුම් පැතුම් වලට සම්බුද්ධ ශාසනයට, සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්මට, අපේ සංස්කෘතියට පහර දෙනවා. ආගමක් නැති අයට ආගමක් කතා කරන්න අයිතියක් නෑ. කාගෙහරි ආගමික විශ්වාසයක් සම්බන්ධයෙන් නිර්ධය ලෙස විවේචනය කරන්න අයිතියක් නෑ. ඒ නිසා මේ බෞද්ධ ආගමට දිගින් දිගටම මේ විදිහට අපහාස, උපහාස කරන්නේ සම්බුද්ධ ශාසනය සහ බෞද්ධ ආගමේ මූලික ඉගැන්වීම් සහ හර පද්ධතියට පහර දෙන්න පමණක් නොවේ. මේ හා බැඳුනු යටි අරමුණක් තිබෙනවා. ඒ තමයි රාජ්‍ය විනාශ කිරිම. ඒ නිසා මේ හා සම්බන්ධ පිරිස් පිළිබඳව මේ රටේ මහ ජනතාව දැනුවත් වෙන්න ඕන. අපිට තව වාර්ගික හෝ ආගමික ගැටුමකට යන්න පුළුවන්කමක් නෑ. අපි දැනටමත් හෙම්බත්වෙලා ඉන්නේ. පහුගිය අවුරුදු 75 කාලසිමාව තුළ මෙවැනි අනවශ්‍ය ගැටුම් සමඟ අපි ගැටිලා රටක් විදිහට, ජාතියක් විදිහට ඉතාම නරක තැනකට තල්ලුවෙලා ගිහින් තිබෙන්නේ. අවිශ්වාසය, අවිනිශ්චිතාව, අවධානම අපේ රටේ සාමාන්‍ය ජන ජිවිතයට විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනයටත් ඒ හා බැඳුනු සමාජ සංස්කෘතික රාමුවටත් පහර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්‍රතික්ෂේප කරනවා. මේ පිරිස් අපි වහා හෙළිදරව් කළ යුතුයි. මෙය අවාසනාවන්ත තත්වයක්. ලෝක බැංකුව 2023 මැයි මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාව 2021, 2022 කාලසීමාව තුළ මේ රටේ ආර්ථිකය හැසීරිම පිළිබඳ විවිධ පැතිකඩවලින් කරන ලද විමසීමක්. එහි එක සඳහනක් තිබෙනවා මේ කාලසීම තුළ ලංකාවේ දිළිඳුකම 13% සිට 25% දක්වා වැඩිවෙලා තිබෙනවා කියලා. මේ කාලසීමාව තුළ අලුතින් දිළිඳුකමට එකතුවෙච්ච පිරිස ලක්ෂ 25 ක්. ඒ වාර්තාවේ තිබෙනවා ඉදිරි වර්ෂ කිහිපය තුළත් අපේ රටේ දිළිඳු ජනගහනය ජනගහනයෙන් 25% කට ආසන්න ප්‍රමාණයක් වෙයි කියලා. අපේ රටේ දුප්පත්කම අපේ මුලදි ග්‍රාමිය තත්වයක් ලෙස සැලකුවට අපි දකිනවා ග්‍රාමිය, නාගරික, වතු කියන සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා රජය ක්‍රියාත්මක කරන්න යන අස්වැසුම වැඩසටහන මඟින් මේ ප්‍රශ්නයට කල්පවත්නා පිළිතුරක් සොයා ගැනීමට යම්කිසි මැදිහත්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි කළ යුතුයි. ස්ථිර වශයෙන්ම වසර 3ක් 4ක් ඇතුළත මූල්‍ය සහනාධාරයක් පිරිනැමීම මඟින් මේ රටේ දුප්පත්කම තුරන් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි නැවතවාරයක් උත්සහ කරන්නේ බඩකට පුරවලා අවුරුදු තුනක් ඇතුළත දුප්පත්කමට සාර්ථකව මුහුණ දෙන්න නම් එය සාර්ථක උත්සහයක් වෙන්නේ නෑ. අපිට සිදුවෙනවා මේ රටේ දිළින්දන් පිළිබඳව නව වර්ගිකරණයකට යන්නට. අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි අපි දිවි නැගුමෙන් , සමෘද්ධියෙන්, ජනසවියෙන් ඉගෙන ගත්ත පාඩමක් තිබෙනවා. ඒ හා සමාන්තර වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළ යුතුයි.”යනුවෙන් මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

 

 

Post Views: 17
Previous Post

2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

Next Post

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

editor

editor

Next Post

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved