• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ – ඇමැති මංගල

27 September 2018
in දේශීය

පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන Spark 18 නව නිර්මාණ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනයේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමින් සිසුන් සමග පැවැති සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ ලංකාව කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් දැනුමෙන් පිරිපුන් මිනිසුන් බිහි කරපු රටක්. නාසා ආයතනයේ පමණක් ශ්‍රී ලාංකීය විද්‍යාඥයො 16ක් ඉන්නවා. ඒ නිසා වැදගත්ම දේ තමයි විදේශගත වෙලා අධ්‍යාපනය ලැබුවත් තමන්ගෙ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අමතක නොකිරීම.
එදා අපට පසුපසින් සිටි සිංගප්පූරුව, ඉන්දියාව, කොරියාව වගේ රටවල් අද ලෝකය ජයගෙන තිබෙනවා. එදා පංතියේ හිටපු දීප්තිමත් ම ශිෂ්‍යයා වුණ ශ්‍රී ලංකාව අද පස්සට ම ගිහිල්ලා. එදා කලාපයේ ඉදිරියෙන් ම තිබුණ රට අද පසුපසින් ම තිබෙන රටක් බවට පත් වුණේ අපේ බෙදී වෙන්වීම් නිසා. නිදහස ලබා ගන්න ජාති ආගම් කුල පන්ති බේද පසෙක දමා කටයුතු කරපු අපි නිදහස ගත්තට පස්සෙ වෙන් වුණා. සිංගප්පූරුවෙ ජාතින් ගණනාවක් ජීවත් වුණා. නමුත් ඔවුන්ට හැකි වුණා එක ජාතියක් නිර්මාණය කරගන්න. නමුත් තවමත් අපට බැරි වෙලා තියෙනවා ශ්‍රී ලාංකීය අනන්‍යතාව හදා ගන්න. උතුරේ විශාල යුද්ධයක් ඇති වුණා. දකුණේ කැරලි දෙකක් ඇති වුණා. පක්ෂ පාට මොනව වුණත් මේ නැති වුණේ ශ්‍රී ලාංකීය ජනතාව. මේ නිසා අපට ආර්ථිකය හදාගන්න බැරි වුණා, අධ්‍යාපනය හදා ගන්න බැරි වුණා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් වූහ.

Post Views: 17
Previous Post

අමාරුවේ දන්නේ නෑ …. බය වෙන්න එපා …. ! – ඇමැති වජිර

Next Post

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි – කථානායක

editor

editor

Next Post

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved