• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විග්නේෂ්වරන් කරපු දෙයක් නෑ – ඇමති චම්පික රණවක

4 September 2018
in සංවර්ධන

 

විග්නේෂ්වරන් මහත්මයාට උතුරේ මහ ඇමති ධූරය ලැබෙන්නත්, ඒ සඳහා යුක්ති සහගත මැතිවරණයක් උතුරේ පවත්වන්නත් පුළුවන් උනේ ආරක්‍ෂක අංශ කරපු ජීවිත පරිත්‍යාග නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රුපියල් මිලියන 90 ක වියදමින් ඉදිකෙරෙන ගිනිගත්හේන බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘විග්නේෂ්වරන් මහත්මයාට කියන්න කිසිම සංවර්ධන ස්මාරකයක් නැහැ. පහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා. ස්මාරක නෙමෙයි ප‍්‍රශ්ණය. අද රටට අවශ්‍යයි ඔබතුමාගෙත් රටේ අනෙකුත් අයගෙත් සංවර්ධන ස්මාරක උතුරට.

මහානගර අමාත්‍යාංශය මගින් යාපනය තෝරගෙන තිබෙනවා ප‍්‍රධාන උපාය මාර්ගික නගරයක් හැටියට දියුණු කරන්න. ඒ වගේම යාපනයේ ජල ප‍්‍රශ්න අනෙකුත් ප‍්‍රශ්න විසඳන්න රජය විශාල ආයෝජනයක් සිදු කරනවා. ඒවා තමයි අද යාපනයට අවශ්‍ය සංවර්ධන ස්මාරක. තමන්ට සංවර්ධන ස්මාරක මොකුත් නැති නිසා නැවත වතාවක් මේ දෙමළ ජනයාගේ ලේ කෝප කර මේ ගමන විග්නේෂ්වරන් මහතා යන්නේ ඉතින් ඒ අඳුරු අතීතයට නැවත රට අරගෙන යාම තමයි එතුමාගේ උවමනාව. ඉතින් අපිනම් ඕවට කලබල වෙන්නේ නැහැ. විග්නේෂ්වරන් මහත්මයාටත්  ඕනේ දකුණ කලබල කරලා තමන්ගේ ඡන්ද ගොඩ ලොකු කර ගන්න. උතුරේ විශේෂයෙන්ම උගත් පරපුරෙන් අපි ඉල්ලා සිටිනවා අතීතයට රට අරන් යන්න එපා. අද දෙමළ සමාජය තිබෙන තැන කල්පනා කර බලන්න. ඒ නිසා එකට එකතු උනොත් දෙමළ සමාජයට පැහැදිලි ඉදිරි ගමනක් මේ රටේ, මේ සමාජයේ තිබෙනවා. මම හිතනවා සාතිශය බහුතර ජනතාවක් ඒ ගමනේ යමින් තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 13
Previous Post

නෙට්වෙල්ත් කළමනාකාරීත්වයෙන් ‘මහපොළ’ ගලවයි

Next Post

මේ ආණ්ඩුව ඇහුවාට ….. ! වැඩ කරන්නේ නෑ – රංගන ශිල්පි ජගත් කියයි 

editor

editor

Next Post

මේ ආණ්ඩුව ඇහුවාට ..... ! වැඩ කරන්නේ නෑ - රංගන ශිල්පි ජගත් කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved