• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිත විශ්ව විද්‍යාලය පී.බී නොහිටින්න තිඹිරි ගෙයදිම මියයන්නට තිබුණා – ඇමැති ඩලස්

20 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හරිත සරසවිය බිහිකිරීමට අප දුන් දේශපාලන නායකත්වය ගැන තමා සතුටු වන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ පැවති NSBM හරිත විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිපුනතා මැදුරේ, හයවන මහලේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කරද්දි නොයෙක් බාධා පැමිණි බවයි.

රජයේ සමහර නිලධාරීන් පවා ඇසුවේ ඔය කැලේට විශ්ව විද්‍යාලයක් හදලා වැඩක් තියෙනවාද කියා යැයි බවත් එහිදී භාන්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා නොවන්නට මෙම සංකල්පය තිඹිරි ගෙයදිම මියයන්නට තිබු බව අමාත්‍යවරයා පැවසිය. එසේම එකම ඉල්ලීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා දෙකතුනක් ඉදිරිපත් කරන්නට සිදුවු බව හෙතෙම අනාවරණ කලේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

මෙම සරසවිය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය වෙනුවෙන් පවා විශිෂ්ඨත්වයේ මුද්‍රාව තැබී තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්. රටක් විදියට ශ්‍රී ලංකා මාතාව පැළදි වටිනා ආභරණයක් බවට අද NSBM හරිත සරසවිය පත්වී තිබීම මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටම අභිමානයක්. වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම හරිත සරසවිය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුු වෙන කෙනෙක් ඉන්නවානම්, ඒ වෙන කවුරුත් නොවෙයි ඩලස් අලහප්පෙරුමයි.

 

මගේ දේශපාලන දිවියෙන් විශ්‍රාම ගිය පසුත් සතුටු වෙන්න පුලුවන් කාරණා කීපයකින් එකක් තමයි මේ හරිත සරසවිය බිහිකිරීමට අප දුන් දේශපාලන නායකත්වය. නිපුනතා මැදුරේ, හයවන මහලේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කරද්දි අපට නොයෙක් බාධා පැමිණූනා. රජයේ සමහර නිලධාරීන් ඇසුවා ඔය කැලේට විශ්ව විද්‍යාලයක් හදලා වැඩක් තියෙනවාද කියලා. ජාතික සැලසුම් ආයතනය පවා නොවැදගත් යයි කියමින් අපේ සැලසුම මුල් වතාවේදී ප්‍රතික්ෂේප කලා. එදා භාන්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමා නොවන්නට මෙම සංකල්පය තිඹිරි ගෙයදිම මියයන්නට තිබුණා. ඒ නිසාම එකම ඉල්ලීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා දෙකතුනක් ඉදිරිපත් කරන්නට සිදුවුණා.

සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් සමරු පළකයක් ලියන්නේ නැහැ. ඒත් මේ සරසවියේ සමාරම්භක සමරු පලකයේ තිබෙන්නේ මගේම වදන. ඒ විතරක් නොවෙයි ඉතාමත් නිහතමානී ආඩම්බරයකින් කියන්න ඕන හරිත සරසවිය Green University යන නම පවා යෝජනා කලේ මම. අන්න ඒ නිසයි මම කිව්වේ මෙම විශ්ව විද්‍යාලයේ සාර්ථකත්වය ගැන වැඩියෙන්ම නැතිනම් උප කුලපතිතුමා තරමටම සතුටු වන පුද්ගලයා මම බව.

 

වර්තමාන ජනාධිති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා එදා නාගරික සංවර්ධන ලේකම් ලෙස මේ බිම අපට සති දෙකකින් ලබාදුන්නා. මහින්ද රාජපක්ෂ මැිතතුමා රාජ්‍ය නායකයා ලෙසට අපට මේ ව්‍යාපාතියට අවශ්‍ය විශිෂ්ඨ නායකත්වය ලබාදුන්නා. ඒ වෙනුවෙන් එතුමන්ලාව මේ අවස්ථාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුයි.

එදා 2012 දී නුගේගොඩ ප්‍රදේශයේ කුලී ගොඩනැගිල්ලක දරුවන් සිය ගණනකින් ආරම්භ කල මේ විද්‍යායතනය, අද සිසුන් 11,000 ක් පිරිවරාගත් ජාතියේ දැවැන්ත සරසවියක් බවට පත්වෙලා. මේ සාර්ථකත්වයේ රහසක් තිබෙනවා. පසුගිය වසර 10 ඇතුලත විවිධ ආණ්ඩු, විවිද අමාත්‍යවරු මේ ස්ථානය බාරව කටයුතු කලා. නමුත් ඒ කිසිවෙක් හරිත සරසවියේ නායකත්වය, උපකුලපති ධූරය වීරසිංහ මැතිතුමාගෙන් වෙනස් කලේ නැහැ. එයයි මෙහි සාර්කත්වයේ රහස. අද උපාධිධාරීන් බවට පත්වන්නේ හරිත මාතාවගේ 08 වැනි දූ දරුවන් පිරිසයි. තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සෑම දෙමාපියෙකුගේම සිහිනයක්. මේ දූලා පුතාලා අද දෙමව්පියන්ගේ ඒ සිහිනය සැබෑ කරලා තිබෙනවා.

උසස් අදධ්‍යාපනය සාර්ථකව නිස කර උපාධිය ලැබීම අබියස සිටින මේ දරුවන්ගේ ජීවිතයේ හොදම කාලය මෙය කියලා හදුන්වන්න පුළුවන්. ඒ වාගෙම ගෝලීය සංගතයකින් මුළු ලොවම වසාගෙන සිටින මේ කාලය මේ දරුවන්ගේම ජීවිතයේ නරකම කාලය කියලත් හදුන්වන්න පුළුවන්. අනාගතයේ යම් දවසක මේ දුවලා පුතාලාම මෙ මොහොත ගැන අතීතානුස්මරනයක යෙදේවි හරියට අර චාල්ස් ඩිකන් ගේ Tale of two Cities පොතේ අති ජනප්‍රිය ආරම්භය වගේ. It was the best of times. It was the worst of times

අද උපාධිධාරීන් වන මෙම දරුවෝ මේ හරිත සරසවියට පියනගන්නේ මීට වසර 3 කට එපිට දීයි. සරසවියට පිය නැගූ ලෝකයට නොවෙයි වසර 3 කට පසු ඔබ පිටව යන්නේ. ගෙවුන වසර 03 තුල අප ලෝකය විශාල වෙසන්කමකට ලක්වී තිබෙනවා. 1වන සහ 2 වන ලෝක යුද්ධ වලට පසු ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙලක් යනවා. රියැලිටි ටීවී තරුවක් වෙනුවට පරිනත දේශපාලඥයෙක් අද නිදහස් ලෝකයට නායකත්වය දෙනවා. Viber වෙනුවට Whatsapp වල නැතිනම් Facebook වෙනුවට Instagram වල ඔබ ජීවිතයෙන් වැඩි කොටසක් ගත කරනවා. හිස මුඩු කෙනෙක් වෙනුවට හිසේ කෙස් පිරුණ කෙනෙක් ලොව ධනවත්ම පුද්ගලයා වෙනවා. වසර 03 කට පෙර ඔබ අත සේදුවානම් ඒ කෑමට පසුව පමණයි. නමුත් අද. මේක ලොකු වෙනසක්. නමුත් වෙනස යනු සදාතනික දෙයක්. එය සෙමින්, සීඝ්‍රයෙන්, සෘජුව, වක්‍රාකාරව වෙනස් වන්නට පුළූවන්. නමුත් ඔබට ඇති අබියෝගය එවැනි ඕනැම වෙනසකට ධනාත්මකව මුහුණ දීමයි. එම වෙනස ගෝලිය වේවා, සමාජීය වේවා, ආකල්පමය වේවා, එය කුමක් වුවත්, එම වෙනස ධනාත්මකව වෙනසක් බවට පරිවර්ථනය කරගැනීමයි එබේ නිපුණතාවය වියයුත්තේ. එය smart විය යුතුයි. එයට අවහ්‍ය පන්නරය පසුබිම ඔබ සියලු දෙනාටම සකස්වී තිබෙනවා හරිත සරසවි උපාධිදාරීන් ලෙසට.

අගමැති වින්ස්ටන් චර්චිල් පැවසුවේ. To improve is to change, to be perfect is to change often. වෙනස්වීම වැඩි දියුණූවිමයි. නිතර වෙනස්වීම පරිපූර්ණ වීමයි.

ඉතින් ධනාත්මකව වෙනස්වන්ට අද දවසේ අධිෂ්ටාන කරගන්න. මේ දරුවන් ජෙනරෙෂන් Z සාමාජිකයෝ. නැතිනම් සමාජ මාධ්‍යය භාවිතාව ප්‍රගුණ කල පුරවැසියන්. එම නිසා මා ඔබට වඩාත් හුරු භාෂාවෙන් එය නැවත මතක්කරන්නම්. Hash tag Positive change. අද උපාධිධාරීන් වන ඔබ එම විධිමත් සුදුසුකම් දරාගෙන සමාජයට අවතීර්ණ වෙනවා. රටේ ආර්තිකය සක්‍රීය දායකත්වයක් දැක්විය හැකි පුරවැසියන් බවට පත්විම ඔබේ මීලග ඉලක්කයයි.

තම සුදුසුකමට ගැලපෙන රැකියාවක් ලබාගැනීම. රැකියා වෙළදපලේ තමාට ඉල්ලුමක් ඇතිකර ගැනීම, වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමින් එහි ඉහලට ගමන් කිරීම. ආර්තික වශයෙන් ස්වාධීනවීම, න්‍යෂ්ථික පවුලෙන් මිදී තමාගේම කියා පවුලක් ගොඩනැගීම වැනි අරමණු අභිමතාර්ථයන් රැසක් ඒ හා බැදී පවතිනවා. මනුස්ස ආත්මයක් ලැබීමට තරම් වාසනාවන්ත වූ ඔබ සියුල දෙනා මනුෂ්‍යත්වය හිමිකම් කියන සතුට සහ සෞභාග්‍යය යොයා පියාසර කරන්නට අවැසි තටු අද ඔබ ලබා තිබෙනවා. හොදින් මතක තබාගන්න. ඔබට යා නොහැකි ඉමක් නැහැ යැයි ද පැවසීය.

Post Views: 5
Previous Post

මැයි දින රැස්වීම් පෙළපාලි නෑ – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Next Post

ආණ්ඩුව ඇතුලේ කිසිම අර්බුදයක් නැති බව විමල් කියයි

editor

editor

Next Post

ආණ්ඩුව ඇතුලේ කිසිම අර්බුදයක් නැති බව විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved