27 April 2024
#ක්‍රීඩා

බැරි වුණ දේවල් ඉදිරි කාලයේදී කරනවා

ගත වූ වසර තුනක කාලය තුළ අපේක්‍ෂා කළ සියලූ දේ ඉටු කර ගැනීමට නොහැකි වුවත්, සාර්ථකව රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 22 වන දින යාපනයේ දී නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව සඳහා ණය මුදල් ප්‍රදානය කිරීම උත්සවයට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටක් ලෙස දුක්විදි කාලය නිමා කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා දැන් කළ යුත්තේ සියලූපාර්ශ්ව එකතු වී රට ගොඩනැගීමේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම බව සිහිපත් කළේය.

කාන්තාවන් වෙනුවෙන් ණය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන තුළ පළමු අදියර ලෙස මෙම නියගයට මුහුණදුන් උතුරේත් දකුණේත් පළමුවෙන් ආධාර ලබාදෙන අතර මේ සියලූ දේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීමට බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *