27 April 2024
#සංවර්ධන

බෝනොවන රෝග පාලනයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි

බෝනොවන රෝග පාලනය කිරිම සදහා ව්‍යායාම් කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජනතාව බෝනොවන රෝග වලින් වළක්වා ගැනීමේ අරමුණින් බේරුවල මරදාන ප්‍රදේශයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම මධ්‍යස්ථානය සදහා කායවර්ධන උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇත. මෙහිදී රාජිත සේනාරත්න පදනම විසින් පෙරපාසල් සහ දහම් පාසල් සදහා පුටු කට්ටල බෙදාදීමක් ද සිදු කරන ලදි

මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බෝනොවන රෝග පාලනය කිරිම සදහා ව්‍යායාම් කිරීම අත්‍යාවශ්‍ය බවයි ඒ සදහා ලෝක බැංකුව මගින් ලබා දී ඇති අරමුදල් මත දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම කායවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගන්නා බව පැවැසිය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ඉෂ්ඨිකාර් ජමීල්, හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.එම් අම්ජාඩි, බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *