• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලපෑමට ලක් වූ අවස්ථාවක දී හැර යළි මව් රටට පැමිණිම ගැන සිතා බලන්න – විදේශ ලේකම් කියයි

18 May 2020
in දේශීය

බලපෑමට ලක් වූ අවස්ථාවක දී හැර, නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබඳව යළි සිතා බලන ලෙස එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ අමාත්‍යංශය ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලා සිටී.

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස ලේකම්වරයා සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

විදේශ අමාත්‍යංශය ලේකම් රුපවාහිනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වන බවත් සඳහන් කළේය.

ලේකම්වරයා විසින් පළකරන ලද අදහස් පහත දැක්වේ” සති දෙකකට පෙර මාගේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයීය පත්‍රයට අනුව, මෙම අවස්ථාවේ දී රජයේ ප්‍රමුඛතාවය වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය තිබෙන මෙන්ම, සමහර අවස්ථාවල දී පැමිණිය යුතුව තිබෙන, සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩය ආපසු රැගෙන ඒමයි. ඔවුන් සතුව නීත්‍යානුකූලව එම රටවල රැදී සිීටීමට අවශ්‍ය වීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැති වීම නිසා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව ඇති අතර, ඔවුන් නීත්‍යානුකූල නොවීම හේතුවෙන් එම රටවල දී සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් කිසිදු පහසුකමක් ලබා ගත නොහැකි තත්ත්වයට මුහුණ දී සිටියි. එසේම රැකියාවෙන් නෙරපා හරින ලද බොහෝ දෙනෙකු ද එහි සිටිති. ඔවුන් බොහෝ දුරට අසරණ වී ඇත. මෙම පිරිස් පිළිබදව කටයුතු කිරීමෙන් අනතුරුව, අපට මෙහි පැමිණීමට අපේක්ෂා කරන, එහෙත් රැකියා තිබෙන අය සහ හුදෙක් කොරෝනා අවදානම වළක්වා ගැනීම සඳහා නිවාඩුවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳව සලකා බැලිය හැකිය.

මීට ඉහත දී අප සිසු සිසුවියන් වෙතින් ඉල්ලා සිටියාක් මෙන්, මෙම සේවකයින් වෙතින් ද අප ඉල්ලා සිටින්නේ, ඔවුන් මෙහි පැමිණීමෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම හෝ අධ්‍යාපන අවස්ථා අහිමිවීම හෝ විශාල ප්‍රමාදයන් පිළිබඳව ප්‍රවේශමෙන් හා සියුම්ව සලකාබලන ලෙසයි. මක්නිසාද යත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගත් කල, අපට විශේෂයෙන් පෙනී යන්නේ, සමහර ස්ථානවල, එක් දෙමව්පියන් පිරිසකට දරුවන් මෙහි පැමිණීම අවශ්‍ය වන අතර, තවත් දෙමව්පියන් පිරිසකට අවශ්‍ය වන්නේ දරුවන් එහිම රැඳී සිටිමින් විභාග අවසන් කිරීමයි. එබැවින්, මේවා එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තේරීම් බව මා දන්නා අතර, මෙහි දී යම් තාර්කිකත්වයක් ද තිබිය යුතු යැයි මම සිතමි. මක්නිසාද යත්, විදේශ අමාත්‍යාංශයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා අද අපි ඉතා වෙහෙස වී කටයුතු කරන නමුත්, තවත් මාසයකින් හෝ දෙකකින් ඔවුන්ට ආපසු යාම සඳහා දුෂ්කරතා ඇති වන විට හෝ එක් අධ්‍යයන වාරයක් අහිමි වන විට, ශිෂ්‍යයන් වශයෙන් ඔවුන්ගේ තත්වය සමථයකට පත් කිරීමට උත්සාහ දරන ලෙස නැවත වරක් අප වෙතින් ඉල්ලා සිටිනු ඇති බව මම දනිමි. රැකියාව අහිමි වන අය සම්බන්ධයෙන් ද එය එසේම ය.

විදේශ අමාත්‍යංශය සහ රජය ජනතාව නැවත ගෙන්වා ගැනීමට උත්සාහ දරන අතරම, නැවත ආපසු පැමිණීමට අපේක්ෂා කරන මෙම පුද්ගලයින් කෙටිකාලීනව පැමිණීමට නොසිතා, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා පිළිබඳව ඉතා ප්‍රවේසමෙන් තක්සේරු කළ යුතුය. මෙම සීමිත ඉඩ ප්‍රස්ථාව භාවිතා කිරීම සඳහා හොඳම කාලය මෙය නොවිය හැකි වන අතර, ඔවුන් මෙහි පැමිණෙන විට දින 21 ක් නිරෝධායනයට ද යා යුතුව තිබේ.

එහි නවතින අයට සහ විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි අය සඳහා, ඔවුන් මුහුණ දෙන ගැටලු ඔවුන් සිටින තැනදීම කළමනාකරණය කිරීම පිණිස, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ද නියෝජනය වන දූත මණ්ඩල 16 ඇතුළුව, විදේශවල පිහිටි අපගේ දූත මණ්ඩල 67 හි විවිධ ජාලයන් හරහා, වියළි සලාක ලබා දීමට සහ අවශ්‍ය විටෙක දී ඖෂධ ලබා දීම මඟින් හැකි තාක් දුරට උපකාර කිරීම සහතික කිරීමට අපි උත්සාහ දරන්නෙමු.

කෙටිකාලීන සංචාර සඳහා ගිය අය සම්බන්ධයෙන් ගත් කල, අප විසින් ඔවුන් නැවත මෙහි රැගෙන ආ යුතුව තිබේ. ඔවුන්ට යාමට වෙනත් තැනක් නොමැත. අප ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නෙමු. යම් තරමකට ඇති දුෂ්කරතාවය වන්නේ, ඔවුන් සෑම තැනකම විසිරී සිටීම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය, දැනට පියාසර කරන භාණ්ඩ ප්‍රවාහන යානා පවා, මෙම අගනගරයන් බොහොමයකට පියාසර නොකිරීමයි. අප දැනටමත් ඔවුන් මෙහි පැමිණෙන ගුවන් ගමන් සමඟ ඒකාබද්ධ කරමින් පවතින අතර, ඔවුන් සියලු දෙනාම ආපසු රැගෙන එන්නේ කෙසේද යන්න, මේ මොහොතේ දී ඉහළම මට්ටම්වල දී සාකච්ඡා කෙරෙමින් පවතින කරුණකි.

Post Views: 13
Previous Post

ආරක්ෂක අමාත්‍යාංශයේ වැටුප් කප්පාදුවක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්

Next Post

දැඩි සුළගින් ගාල්ලේ සිදුවු හානිය යථා තත්වයට පත්කරයි  

editor

editor

Next Post

දැඩි සුළගින් ගාල්ලේ සිදුවු හානිය යථා තත්වයට පත්කරයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved