27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා – එජාප නායක රනිල්

තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) බොරැල්ලේ පැවති ජන හමුවකදීය.
එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අද වන විට තරුණයන්ගේ අනාගතය නැතිවී ඇති අතර ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කර ඇති බවත් මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩත් කටට දෙකට ගසා ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කළේය “රජයට ආදායමක් නැති නිසා මුදල් මුද්‍රණය කරනවා. පුවත්පත් මුද්‍රණය කරනවා වගේ. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි හත්සිය පනහක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා‍. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා.” යනුවෙනි පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *