27 April 2024
#දේශීය

මෙවර අයවැය තරුණ පරපුරේ අනාගතය සුරක්ෂීත කරයි – රාජ්‍ය ඇමැති රෝහණ

තරුණ පරපුරේ අනාගතය සුරක්ෂීත කිරිම සදහා වු ශක්තිමත් වැඩපිළිවෙලක් අනුව සකස් කළ අය වැයක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා පවසයි.

මේ බව ප්‍රකාශ කළේ මාතලේ සමාජ ක්‍රියාකාරින් හමුවේ පැවති උත්සවයක් සදහා සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ” ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට මෙම අයවැය මගින් අපේක්ෂා කරනවා. සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.තරුණයින් මූලික කරගත් අයවැයක් තුළ මේ රටේ සමස්ත සමාජයටම මෙම අයවැය තුළින් සුවිශේෂී වූ ප්‍රතිලාභ ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇතැයි මම හිතනව එවැනි අයවැයක් තුලින් පමණයි 2023 වර්ෂය සදහා ආර්ථික හැරවුම් ලක්ෂ්‍යක් නිර්මාණය කිරීමට හැකියාව ලැබනේනේ. විශේෂයෙන්ම කියන්න ඕන අරගලයත් සමග හිටපු බොහෝ පිරිසක් අද මා සමග, තරුණ කටයුතු අමාත්‍යංශය සමග එක්ව අදහස් යෝජනා ඉදිරිපත් කරනව, ඔවුන් අප සමග එකට එක්ව කටයුතු කරනවා. මා ඒ පිළිබදව සතුටට පත්වනෙවා. තරුණ පිරිස අප සමග එකතුවීම වර්තමාන සමාජයේ ඉතාම සාධනීය ලක්ෂණයක් ලෙස මා දකිනවා. එනිසා එම තරුණයින් ගේ ඉදිරි අනාගයත පිළිබදව සුබදායී බලාපොරොත්තු තැබිය හැකි අයවැයක් කියන කාරණාව මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. 2023 අය වැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන්ට යහපත් රටකට අවශ්‍ය අලුත් වැඩපිළි‍වෙළක් නිර්මාණය කිරිමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *