තිස්සමහාරාම ඓතිහාසික රාජමහා විහාරය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහා පුණ්‍යෝත්සවයේ 126 වැනි වරටත් පැවැති අවසන් මහා පෙරහැර සඳහා අලි ඇතුන් 17ක් සහ නර්තන අංග 45ක් එක් විය.
මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පෙරහැරේ සධාතුක ධාතු කරඬු වහන්සේ ශ්‍රී දළදා මාළිගාවට අයත් ජනරාජා මංගල හස්තියා මතින් වැඩම කරවූහ. තවද කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයෙහි තරිඳු හස්තියා සහ තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ කණ්ඩුල හස්තියා දෑලේ ගමන් කරමින් පෙරහැරේ අභිමානය තවදුරටත් ඔප්නැංවීය.
















