දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනිය විසින් ඝාතනය කරන ලද යුදෙව්වන් මිලියන 6ක සැමරීම වෙනුවෙන් පෝලන්තයේ අවුෂ්විට්ස් (Auschwitz) වධක කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලබන වාර්ෂික ‘March of the Living’ පාගමන සඳහා දහස් ගණනක පිරිසක් සහභාගී වූහ. මෙවර පාගමන සඳහා ලොව පුරා විසිරී සිටින සමූලඝාතනයෙන් (Holocaust) දිවි ගලවා ගත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.
ඉරාන යුධ වාතාවරණය හේතුවෙන් පනවා ඇති ගුවන් සීමා තහංචි හමුවේ වුවද, දිවි ගලවා ගත් පිරිසෙන් පිරිසක් ඊශ්‍රායලයේ සිට දැඩි දුෂ්කරතා මධ්‍යයේ මේ සඳහා පැමිණ සිටීම සුවිශේෂී වේ. 2023 ඔක්තෝබර් 07 වනදායින් පසු ලොව පුරා යුදෙව් විරෝධය (Antisemitism) යළිත් වේගයෙන් හිස ඔසවමින් පවතින බවත්, අතීතයේ සිදුවූ අඳුරු මතකයන් නැවත ඇති නොවීමට නම් මිනිසුන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බවත් පාගමන සංවිධානය කළ ජාත්‍යන්තර මාර්ච් ඔෆ් ද ලිවින්ග් සංවිධානයේ නියෝජිත රෙවිටල් යකින් ක්‍රකොව්ස්කි මෙහිදී අවධාරණය කළාය.














