රුපියල් ලක්ෂ 79.5ක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 38, 41 සහ 45 වයස්වල පසුවන මෙම පුද්ගලයන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුනක් පරීක්ෂා කිරීමේදී චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගවල දුම්වැටි 53,000ක් අඩංගු කාටූන් 265ක් සොයාගෙන තිබේ. එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 7,950,000ක් පමණ බව සඳහන් වේ.
ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.














