27 April 2024
#දේශීය

මාතලේ ගත වු දිනය තුළ කොවිඩ් මරණ 03 ක්

මාතලේ දිස්ත්‍රික්කයේ පසුගිය පැය 24 කාලය තුළ කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එසේම එම ප්‍රදේශයේ ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 29 දෙනෙකු හමුවි තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ පසුගිය අප්‍රේල් 01 සිට මේ දක්වා කොවිඩ් රෝගින් 16953 දෙනෙකු වාර්තා වි ඇති බවත් මරණ 460 වාර්තා වි ඇති බවත් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 2599කි.

මේ වන විට දිස්ත්‍රික්කයේ පවුල් 354ක පුද්ගලයින් 1028 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *